SKIP TO MAIN CONTENT

බැසිල්, පොහොට්ටුවට අත ගහනවාට පොහොට්ටුවේ උදවියම කැමති නැහැ : ෆයිසර් මුස්තාෆා

Members of Sri Lanka Podu Jana Peramuna don’t like Basil : Faiszer Musthapha
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය දරා ගත නොහැකි ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල බිද දැමීමට උත්සහ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

පංච මහා බලවේගයෙන් යුතුව රට සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කකුලෙන් ඇදීමට ඇතමුන් මේ වන විට ක්‍රියාකරන බව ඊයේ (15/01) මහනුවර මහයියාවේ දී පැවැති ජනහමුවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා රට සංවර්ධනය කරන විට ඒ සදහා විශාල දායකත්වයක් දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ඡන්ද ඉල්ලා සිටියත් මහින්ද රාජපක්ෂ මහතාම කියනවා, තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන නැහැ කියලා. එම පක්ෂයේ නායකයන්ට කිසිදු ප්‍රායෝගික දැනුමක් නැහැ. මහින්ද රාජපක්ෂ  පරාදවීමට හේතුවක් වූයේ ඔහුගේ සොයුරු බැසිල් රාජපක්ෂයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාවලියට බැසිල් රාජපක්ෂ අත ගසනවාට එහි සාමාජිකයන් කැමති නැහැ. එතුමා ප්‍රතික්ෂේප කිරීමටයි ඔවුන් ක්‍රියාකරන්නේ."


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now