SKIP TO MAIN CONTENT

ඡන්දෙන් පස්සේ සිහිසුන් වුණු ආණ්ඩුව විකෘති පිළියම් යොදමින් ඉන්නවා - අනුර කුමාර

SL Government has fainted after the LG poll – Anura Kumara
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතරුව විකෘති පිළියම් යොදමින් ආණ්ඩුව සිය ගමන් මග සකස් කර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

සාර්ථක නොවූ මැතිවරණ ප්‍රතිඵලයක් හිමි වූ ආණ්ඩුවට සිය ආණ්ඩුව පවත්වා ගැනීමේ මාරාන්තික ගැටලුවකට මුහුණදීමට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සදහා කොළඹ ක්‍රීඩා ආමත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

මැතිවරණ ප්‍රතිඵලය සමග ඇතිවූ සිහිමූර්ජා තත්ත්වයෙන් මිදී ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට නොහැකි අසරණභාවයට ආණ්ඩුව පත්ව ඇතැයි කී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙසේ ද ප්‍රකාශ කළේය.

"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්ව වසර තුනකට පසුවයි මෙම මැතිවරණය පැවැත්වුණේ. වසර තුනක ආණ්ඩුවේ පාලන කාලය පිළිබදව ජනතාව ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළ කිරීමක් ලෙස මෙම ප්‍රතිඵලය හැදින්විය හැකියි. අවුරුදු තුනක පාලන කාලය අනුව ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බවක් පැහැදිලිව දැකිය හැකියි. මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පත්වීමට උත්සහ දරන ආණ්ඩුව තමන් විසින් ගන්නා ලද තීන්දු තීරණ යළි ආපසු හරවන තත්ත්වයක් දැකිය හැකියි. අත ඔසවා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාසල් දරු දැරියන් සදහා ටැබ් පරිගණක ලබාදීම, තහනම් කරන ලද ග්ලයිෆෝසේට්  කෘමි නාශක පිළිබද තහනම ආදි තීන්දු පිළිබදව ආණ්ඩුව යළි සලකා බලන තත්ත්වයක් දැකිය හැකියි. මැතිවරණයෙන් පසු එල්ලවූ මෙම තත්ත්වය ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුව සමග බැදී සිටින සෙසු පක්ෂ වෙත ද අහිතකර අයුරින් බලපානවා. එක්සත් ජාතික පක්ෂය පවා අද කඩා වැටිලා. ඔවුන් විපක්ෂයේ සිටියදී ජයග්‍රහණය ලැබූ පළාත් පාලන ආයතන පවා මෙවර මැතිවරණයේදී පරාජයට පත්ව තිබෙනවා.”

“මෙම මැතිවරණ ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂයේ අනාගත පැවැත්මට ප්‍රබල තර්ජනයක් එල්ලවී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵලය තුළින් පක්ෂය තුළ ගැටුම් උත්සන්නවුණා. අග්‍රමාත්‍යවරයාගේ අග්‍රාමාත්‍යධූරයට පවා තදබල බලපෑමක් එක්කිරීමට මෙවර පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵලය හේතු වුණා.” අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now