SKIP TO MAIN CONTENT

කම්කරු පක්ෂයේ නව නායකයා තේරීමේ තරගයෙන් තවත් තරගකරුවෙකු ඉවත් වෙයි.

Labor Leadership
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ලද පරාජය හේතුවෙන් බිල් ශෝටන්, කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග කම්කරු පක්ෂයට නව නායකයෙකු පත් කරගැනීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වේ.

කම්කරු පක්ෂයේ නව නායකයා බවට පත් වීමට මීට පෙර පක්ෂයේ තිදෙනෙකු ඉදිරිපත් වූ නමුත් මේ වන විට නියෝජ්‍ය නායිකා Tanya Plibersek මෙන්ම ජ්‍යෙෂ්ඨ සාමාජික Chris Bowen ද නායකත්වය සඳහා තරග වැදීම අතහැර දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කම්කරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික Anthony Albanese මීළඟ කම්කරු පක්ෂ නායකයා වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

නමුත් ක්වීන්ස්ලන්තය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී Jim Chalmers කම්කරු පක්ෂයේ නව නායකයා ලෙස තරග වැදීමට සූදානමින් සිටින බවත් ඔහු අද දිනයේ බොහෝ දුරට එය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now