SKIP TO MAIN CONTENT

පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට පරාජයක්.

Zimbabwe easily beat Sri Lanka by 6 wickets.
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo


Skip to article content

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ (30/06) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති පළමු එක් දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත් කරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5 කට ලකුණු 316 ක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 86, උපුල් තරංග නොදැවී ලකුණු 79, ධනුෂ්ක ගුණතිලක ලකුණු 60, නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43, අසේල ගුණරත්න ලකුණු 28.

ජයග්‍රාහී ලකුණු 317 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 322 ක් ලබා තරගයේ ජය නතු කරගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සොලමන් මයර් තම මංගල එක් දින ශතකය වාර්තා කරමින් ලකුණු 112 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය සොලමන් මයර් හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now