SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - නවසීලන්ත T20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිළේ නායකත්වය යළි වෙනස් කිරීමට යයි.

Sri Lankan Captaincy will go to change in New Zealand T20 Series.
Source: Facebook

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරඟය අද (22/08) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් ප.ව 2.30 ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර, නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය ලබන සැප්තැම්බර් මස 1 වැනිදා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

එම තරඟාවලිය සඳහා මේවන විට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කියයි.

මෙම තරගාවලිය සඳහා 24 දෙනකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර එම සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නැත.

එසේම මෙම 20-20 තරඟාවලියේ නායකත්ව වෙනසක් සිදුවනු ඇති බවද වාර්තා වේ.

බොහෝ විට ඒ සඳහා කුසල් පෙරේරා හෝ නිරෝෂන් දික්වැල්ල පත්කිරීමට මේ වන විට අවධානය යොමු වී ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙමින් පවතී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now