ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරඟය අද (22/08) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් ප.ව 2.30 ට ආරම්භ වීමට නියමිතය.
මේ අතර, නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය ලබන සැප්තැම්බර් මස 1 වැනිදා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
එම තරඟාවලිය සඳහා මේවන විට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කියයි.
මෙම තරගාවලිය සඳහා 24 දෙනකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර එම සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නැත.
එසේම මෙම 20-20 තරඟාවලියේ නායකත්ව වෙනසක් සිදුවනු ඇති බවද වාර්තා වේ.
බොහෝ විට ඒ සඳහා කුසල් පෙරේරා හෝ නිරෝෂන් දික්වැල්ල පත්කිරීමට මේ වන විට අවධානය යොමු වී ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙමින් පවතී.