SKIP TO MAIN CONTENT

එජාපය කියන්නේ දැවැන්තයන් සමඟ ගැටී දිනපු පක්ෂයක් නිසා මොන රාජපක්ෂ ආවත් ගැටළුවක් නොමැති බව එජාප ඇමතිවරයෙක් කියයි.(වීඩියෝ සහිතයි)

postal minister - Sri Lanka - M.H.A.Haleem
postal minister - Sri Lanka - M.H.A.Haleem

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටලුවක් නොවන බව තැපැල්, තැපැල් සේවා හා ඉස්ලාම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂය යනු දීර්ඝ ඉතිහාසයක් ඇති ප්‍රතාපවත් පක්ෂයක් බවත් ඊටත් වඩා දැවැන්තයන් සමඟ ගැටී ජය ලැබීමට අප පක්ෂයට හැකිවී ඇතැයි මෙම ජූලි 30 දා මහනුවර බදියුදීන් බාලිකා විද්‍යාලයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කීවේය. මහජනතාව සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ නිසා ජනාධිපතිවරණයේදී බිය වීමට කිසිදු හේතුවක් නැතැයි කී අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

"...ඊළඟ මැතිවරණය පැරණි ක්‍රමයට හෝ නව ක්‍රමයට පවත්වනවාද යන්න පිළිබදව තවම තීරණයක් නැහැ. උතුරේ ඇතැම් සුළු ජාතික පක්ෂ පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට කැමති නැහැ. කුමන ක්‍රමයක් අනුගමනය කරන්නේ ද යන්න පිළිබදව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාක්ච්ඡා කොට තීරණය කරනු ඇති.

නමුත් ඉදිරි මැතිවරණවලදී තනි පක්ෂයක් ලෙස තනි බලයක් ලබා ගැනීම පහසු නැහැ. ඕනෑම පක්ෂයකට රට පාලනය කිරීමට නම් අනෙක් පක්ෂවල සහයෝගය ලබා ගත යුතුයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී මහින්ද රාජපක්ෂ මහතා ඊට සහභාගීනොවීම සුදුසු නැහැ. එතුමා එදා ජනාධිපතිවරයා වුවත් අද ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වංචාකරුවන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙනවා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙනුත් පරීක්ෂණ පැවැත්වෙනවා. නමුත් ඔහු එය මඟ නොහැර පාර්ලිමේන්තුවේදී සැබෑ කරුණු හෙළි කළ යුතුයි. නොඑසේ නම් ඔහු නිරායාසයෙන්ම සොරෙකු වනවා ..." යැයි අමාත්‍ය එච්.එච්.ඒ.හලීම් මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශකොට සිටියේය.

නදීක දයා බණ්ඩාර - SBS සිංහල වාර්තාකරු මහනුවර සිට සැපයු තොරතුරු ඇසුරිනි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now