ශ්‍රී ලංකා රේගුව යලි වැඩ අරඹයි

Sri Lanka Customs

Source: Facebook - @SriLankaCustoms

රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පී.එස්.එම්.චාල්ස් මහත්මියව ඉවත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මීට පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඊයේ (පෙබරවාරි 05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉල්ලා අස්කර ගෙන තිබේ. ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මියට වසරක සේවා දිගුවක් ලබා දී ඇති අතර මාස තුනක ප්‍රගතිය බලා නැවතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සඳහන් වේ .

 

රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්.චාල්ස් මහත්මියව ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයින් පසුගිය සතියක පමණ කාලයක සිට “අකුරට වැඩ කිරීමේ“ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටියේ ය. මේ හේතුවෙන් පෑලියගොඩ ගබඩා සංකීර්ණය සහ බහාලුම් පර්යේෂණ අංගනයේ මෙන්ම ඔරුගොඩවත්ත බහාලුම් පර්යේෂණ අංගනයේ ද මෙහෙයුම් අකර්මණ්‍ය වී තිබුණි. රේගු වෘත්තිය ක්‍රියාමාර්ගයට සහාය පල කරමින් ඊයේ දිනයෙ දී (පෙබරවාරි 05) පිටකොටුවේ තොග වෙළදුන් තම තොග වෙළඳසැල් වසා දමා විරෝධතාවක නිරත වුණි. මුදල් අමාත්‍යංශය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පී.එස්.එම්.චාල්ස් මහත්මිය නැවත පත් කල බව දැනුම් දීමෙන් පසු සිය වෘත්තිය සමිති ක්‍රියා මාර්ග අවසන් කළ බව රේගු වෘත්තිය සමිති පවසයි.

 


1 min read

Published

Updated

By Gamidu Agampodi


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now