SKIP TO MAIN CONTENT

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අකිලට නැවතත් චෝදනා.

Akila Dananjaya
Source: Facebook

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (18/08) ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබාදෙමින් නිමාවට පත්වුණු වූ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට පැමිණිලි කොට ඇතැයි වාර්තා වේ.

තරගයේ විනිසුරුවන් තරග තීරකවරයාට මෙම පැමිණිල්ල ඉදිරිපත්කොට ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතී පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී කඩුලු 5ක් ලබාගැනීමට අකිල ධනංජය සමත්විය.

2018 වසරේ ගාල්ලේ දී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වල පන්දු යැවීමේ වාරණයකට ලක්විය.

එහෙත් ඒ සඳහා වන වෛද්‍ය පරීක්ෂණයකට ලක්වී ඉරියව්ව නිවැරදි කරගැනීමෙන් අනතුරුව ඔහු නැවතත් ICC පරීක්ෂණය සඳහා මුහුණ දී ඉන් සමත් විය.

ඉන් අනතුරුව ඔහු පන්දු යැවීම පළමු වරට ආරම්භ කරනු ලැබුයේ පසුගිය ජූලි මාසයේ පැවති බංග්ලාදේශ එක් දින තරගාවලියේදීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now