Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ හොඳම ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ.

All-time Sri Lanka World Cup XI
Source: Facebook

2019 ක්‍රිකට් ලෝක කුසලානයට ඇත්තේ තවත් දින 63 ක් වැනි කාලයකි.

ශ්‍රී ලංකාව හැර ලෝක කුසලානයට සහභාගී වන අනෙකුත් කණ්ඩායම් තම නිත්‍ය නායකයින් ඇතුළු ලෝක කුසලානයට සහභාගී වන ප්‍රධාන කණ්ඩායම පිළිබඳ මේ වන විටත් දැනගෙන පුහුණුවීම් වල නිරත වෙයි.

නමුත් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා පිළේ නායකයා සහ උප නායකයා කවුරුන්ද යන්න තවමත් විසදී නොමැති ගැටලුවකි.

එපමණක් නොව 2019 මේ දක්වා පැවති කිසිදු එක් දින තරගයකින් ශ්‍රී ලංකා පිලට ජයගැනීමට නොහැකිව තිබියදී මෙවර ලෝක කුසලානයට ඔවුන් කුමන අන්දමේ තරගකාරී මට්ටමකින් සහභාගී වේ දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් තුළ ඇත්තේ බලවත් සැකයකි.

මේ අතරතුරේ එතෙක් මෙතෙක් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ හොඳම ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම ලොව ප්‍රධාන ක්‍රීඩා වෙබ් අඩවියක් වන espncricinfo වෙබ් අඩවිය විසින් අද (29/03) දිනයේ නම් කර තිබුණි.

All-time Sri Lanka World Cup XI
All-time Sri Lanka World Cup XI Source: espncricinfo

ඒ අනුව ශ්‍රී ලංකාවේ හොඳම ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම පහත පරිදි වේ.

සනත් ජයසූරිය

තිලකරත්න දිල්ශාන්

කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා)

අරවින්ද ද සිල්වා (උප නායක)

මහේල ජයවර්ධන

අර්ජුන රණතුංග (නායක)

ඇන්ජලෝ මැතිව්ස්

චමින්ද වාස්

අසන්ත ද මෙල්

ලසිත් මාලිංග

මුත්තයියා මුරලිදරන්


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now