SKIP TO MAIN CONTENT

ඉන්දු - පාකිස්තානු යුධ උණුසුම නිසා ගුවන් ගමන් රාශියක් අවලංගු කෙරේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයත් ඒ අතර

Flights cancelled, delayed amid India-Pakistan conflict
Source: Flickr

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මේ වන විට ඉන්දියාව සහ පාකිස්තානය අතර දරුණු යුද්ධයක් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ ඇති උණුසුම් වාතාවරණය නිසා ගුවන් ගමන් රාශියක් අහෝසි කිරීමට ගුවන් සමාගම් කිහිපයක් කටයුතු යොදා තිබේ.

පසුගිය පෙබරවාරි 14 වන දින කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක සෙබළුන් 40 ක් පාකිස්තානු ත්‍රස්තවාදියෙකු විසින් ඝාතනය කිරීමත් සමග මෙසේ ඉන්දියාව සහ පාකිස්තානය අතර නැවතත් උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

ඉන්දීය නාවුක හමුදාවට අයත් ගුවන් යානා දෙකක් බිම හෙලු බවට පාකිස්තානය පැවසීමත් සමග මෙම උණුසුම යුද්ධයක් දක්වා වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව බොහෝ විචාරකයින් පවසයි.

එම සිද්ධියත් සමග පාකිස්තානය තම ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන ඇති අතර ඉන්දියාවද තම ගුවන් තොටුපොළවල් කිහිපයක් වසා දමා ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඉන්දීය හා පාකිස්තානු ගුවන් කලාප ඇතුළු දකුණු ආසියානු ගුවන් කලාපය හරහා ගමන් කරන බොහෝ ගුවන් ගමන් අහෝසි කිරීමට හෝ විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුව ඇති බව සඳහන්.

පාකිස්තානයට පැමිණෙන සියලු ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අවලංගු කරන ලෙස පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ පාකිස්තානු ආරක්ෂක අංශ සෑම ගුවන් සමාගමකටම දැනුම් දී තිබේ.

මේ අතර ඉන්දියාවේ Srinagar, කාශ්මීරයේ Jammu හා Leh, Amritsar, Chandigarh සහ Dehradun යන ගුවන් තොටුපොළවල් ද මේ වන විට වසා දමා තිබේ.

එමෙන්ම උතුරු නව දිල්ලි කලාපයට අයත් ගුවන් කලාපයක්ද මේ වන විට වසා දමා ඇති බව වාර්තා වේ.

ආසියානු කලාපය සහ යුරෝපය අතර ධාවනය කෙරෙන ගුවන් ගමන් රාශියකට මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් නුවර දක්වා අද (28/02) ගමන් කිරීමට නියමිතව තිබූ සියලු ගුවන්ගමන් අවලංගු කිරීමට  ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද පියවර ගෙන තිබේ.

Related

 

 

 

 

 

 

 

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now