ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව පළමු ටෙස්ට් තරගය ජය ගනියි.

1st Test, India tour of Australia

Source: AFP

ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ් හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (10/12) සමත් විය.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1-0 ක් ලෙස ඉන්දියාව මේ වන විට ඉදිරියෙන් සිටී.

කාසියේ වාසිය දිනා පළමු ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 250 ක් ලබාගත් අතර පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 235 ක් ලබා ගත්තේය.

ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 307 ක් ලබාගත් අතර පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 291 ක් පමණි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ලකුණු 31 කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.




Share

Published

By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service