SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව පළමු ටෙස්ට් තරගය ජය ගනියි.

1st Test, India tour of Australia
Source: AFP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ් හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (10/12) සමත් විය.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1-0 ක් ලෙස ඉන්දියාව මේ වන විට ඉදිරියෙන් සිටී.

කාසියේ වාසිය දිනා පළමු ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 250 ක් ලබාගත් අතර පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 235 ක් ලබා ගත්තේය.

ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 307 ක් ලබාගත් අතර පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 291 ක් පමණි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ලකුණු 31 කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now