SKIP TO MAIN CONTENT

දඹුලු රජමහ විහාරය වැසීමට ඉඩ නොතබන බවට දඹුලු සගරුවනගෙන් ප්‍රකාශයක්.

Dambulla cave temple will not close down
Source: Dambulla cave temple

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

කිසිම අයුරකින් හෝ දඹුලු විහාරය වසා දමන්නට ඉඩ නොතබන බව දඹුලු සගරුවන රජයට අනතුරු අගවයි.

ඊට අමතරව දඹුලු විහාරයට හානි කරන්නට පැමිණියහොත් තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බවට  ශ්‍රිලනිප නව ආසන සංවිධායක යු.ආර්.දයානන්ද මහතා ප්‍රකාශ කර ඇත.

පුරා විද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් නිකුත් කරන ප්‍රවේශපත්‍ර සුදානම් වන තෙක් රංගිරි දඹුලු රජමහා විහාරය තාවකාලිකව වසා තබන බව ඊයේ (10/07) ප්‍රකාශ විය.

ඒ හේතුවෙන්  දඹුල්ල සිරි වළගම්බා මහා පිරිවනට අයත් විහාරස්ඨාන වල මහා සඟරුවන හා ප්‍රදේශවාසී ජනතා නියෝජිත කණ්ඩායමක් දඹුලු රජමහා විහාරයට පැමිණ මාධ්‍ය හමුවක් ද පවත්වමින් වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවට අභියෝග කීපයක්ම එල්ල කළ බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now