
This article is more than 3 years old
Breaking
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකළ ස්ත්‍රී දූෂණ චෝදනා හතරෙන් තුනක් ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර කළ බවට ගොනු කර තිබුණු චෝදනා හතරෙන් තුනක් ඉවත් කර තිබේ.
32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වුණු චෝදනා හේතුවෙන් 2022 නොවැම්බර් 6 වැනිදා සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණි.
පසුව ඔහුට නොවැම්බර් 17 වන දින අධිකරණයෙන් ඇප නියම විය.
ධනුෂ්කට එරෙහිව ගොනු කර තිබුණු චෝදනා 4 න් 3 ක් ඉවතට
ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලානය සඳහා සිඩ්නි නුවර සිටියදී සිඩ්නි කාන්තාවක් සමග ඇයගේ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදුණු බවට චෝදනා හතරකට මුහුණ දී සිටියේය.
නමුත් එම චෝදනා හතරෙන් තුනක් ඉවත් කරගැනීමට පොලීසිය අද සිඩ්නි අධිකරණයේදී කටයුතු කළ බව වාර්තා වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ධනුෂ්ක 2022 නොවැම්බර් 02 වන දින අදාළ 29 හැවිරිදි සිඩ්නි නුවර කාන්තාව මුණගැසුණු බව කියනු ලැබේ.
ඔවුන් සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට ආපසු පැමිණි විට ඇයව දූෂණය කළ බවට පසුව ඔහුට චෝදනා එල්ල කෙරිණි.
ධනුෂ්ක විසින් අදාළ කාන්තාවගේ යෝනි මාර්ගයට ඇඟිලි යොදා සංසර්ගය කිරීම සහ ඔහුගේ ලිංගය ඇගේ මුඛයට දැමීම ආශ්‍රිතව එල්ල කළ චෝදනා තුනක් මෙහිදී ඉල්ලා අස් කරගෙන තිබේ.
ධනුෂ්ක බලහත්කාරව ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවත්, එම කාලය තුළ ඇගේ ගෙල වටා එක් අතක් තබා ගෙල සිරකර තැබූ බවටත් වන චෝදනාව දැන් ඉතිරිව පවතී.
ධනුෂ්ක අවස්ථා තුනකදී අදාළ කාන්තාවගේ ගෙල තුන්වරක් සිර කිරීමට පෙර කොන්ඩම් පැළඳීමෙන් පසු “බලහත්කාර” ලෙස සංසර්ගයේ නිරත වූ බවට පොලිසිය චෝදනා කරයි.
ධනුෂ්ක කොන්ඩම් පැළඳීමට එකඟ වුවහොත් පමණක් ඔහු සමඟ ලිංගිකව එක්වීමට කැමැත්ත පළ කර ඇති බව අදාළ කාන්තාව පොලීසියට පවසා තිබේ.
පසුව ඇඳ අසල බිම තිබී කොන්ඩමය සොයාගත් බව ද එම කාන්තාව පොලිසියට පවසා ඇත.

ධනුෂ්කගේ ඇප කොන්දේසි
2022 නොවැම්බර් 6 වැනිදා සිඩ්නි නුවරදී අත්අඩංගුවට ධනුෂ්කට නොවැම්බර් 17 වන දින අධිකරණයෙන් ඇප නියම විය.
නමුත් ධනුෂ්ක දිනපතා පොලිසියට වාර්තා කළ යුතු අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගෙන තිබේ.
ඔහුට ජංගම දුරකථනය භාවිතයට අවසර ඇති නමුත් Tinder ඇතුළු කිසිදු dating app එකක් භාවිතා නොකළ යුතු බවට නියෝග ලැබී ඇත.
ඔහුගේ ඇප කොන්දේසිවලට අනුව ඔහුට Facebook, Instagram සහ WhatsApp භාවිතා කිරීමට අවසර ඇති නමුත් ඒවා dating සඳහා භාවිතා නොකළ යුතු වෙයි.
ඔහුට නියම කළ ඇප මුදල ඩොලර් 200,000 ක් බවත් අතර ඇප කොන්දේසිවලට අනුකූල වීමට අපොහොසත් වුවහොත් එම මුදල රාජසන්තක කරනු ලබන බවත් සඳහන්.
