ධනුෂ්කගේ දෙවැනි ඇප අයදුම්පතත් ප්‍රතික්ෂේපයි, තවදුරටත් රැඳවුම් භාරයේ: ධනුෂ්කගේ සිදුවීමේ අලුත්ම තත්ත්වය මෙන්න

ධනුෂ්කට අපරාධ ඉතිහාසයක් නොමැති බව මහේස්ත්‍රාත් Robert Williams සඳහන් කළ නමුත් අත්අඩංගුවෙන් නිදහස් කිරීම සඳහා වූ ඇප අයදුම්පත පසුව ප්‍රතික්ෂේප වූ බව වාර්තා වේ.

Sri Lanka Australia Cricket

Sri Lanka Cricketer Danushka Gunathilaka Source: AP / Eranga Jayawardena/AP

සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තවදුරටත් රැඳවුම් භාරයට පත් කර තිබේ.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි දෙවැනි ඇප ඉල්ලීමද අද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අද දිනයේදී සිඩ්නි කලාපයේ Waverley අධිකරණය ඉදිරියට ඔහුව ඉදිරිපත් කළේය.

ධනුෂ්කට අපරාධ ඉතිහාසයක් නොමැති බව මහේස්ත්‍රාත් Robert Williams සඳහන් කළ නමුත් අත්අඩංගුවෙන් නිදහස් කිරීම සඳහා වූ ඇප අයදුම්පත පසුව ප්‍රතික්ෂේප වූ බව වාර්තා වේ.

මෙම තීරණය කලකිරීම් සහගත එකක් බවත් තම සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සලකා බලමින් සිටින බවත් ධනුෂ්කගේ නීතිඥවරයා වන ආනන්ද අමරනාත් මහතා අධිකරණයෙන් පිටතට පැමිණ අද (නොවැම්බර් 07) ලබාදුන් තීන්දුව පිළිබඳ සිය අදහස් පැවසීය.

වින්දිතයා යැයි කියනු ලබන පුද්ගලයාගේ අනන්‍යතාවයට හේතු විය හැකි නඩුවේ ඇතැම් කරුණු ප්‍රසිද්ධ කිරීම මැඩපැවැත්වීම සඳහා පොලිස් අභිචෝදකයා විසින් අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසුව, සංවෘත අධිකරණයක් තුළ මෙම ඇප අයදුම්පත ඉදිරිපත් කරන ලදී.

මෙහිදී වින්දිත පාර්ශවයේ නම තවමත් හෙළි කර නොමැති අතර දෙපාර්ශවයම අධිකරණයේදී සමාන තර්ක ඉදිරිපත් කළහ.

මෙම නඩුව යළි නොවැම්බර් 09 වනදා බදාදා කැඳවීමට තීරණය කර තිබේ.

පසුගිය සතිය මුලදී Rose bay ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක් ලිංගික අතවරයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා ලැබීමෙන් පසු රහස් පරීක්ෂකයින් සෙනසුරාදා පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය පැවසීය.

31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක I-C-C 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට පැමිණ සිටියි.

ඔහු අදාළ කාන්තාවගේ කැමැත්ත නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදුණු බවට වන චෝදනා හතරකට මුහුණ දී සිටියි.

අදාළ කාන්තාව, ධනුෂ්ක ගුණතිලක සමඟ Dating app එකකින් අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව හමුවී ඇති බවත් පසුව පිටත අවන්හලකින් ආහාර පාන ගෙන අදාළ කාන්තාවගේ නිවසට ගොස් ඇති බවත් නිව් සවුත් වේල්ස් ලිංගික අපරාධ සංචිතයේ අණදෙන නිලධාරී, රහස් පරීක්ෂක අධිකාරී Jayne Doherty පැවසුවාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ධනුෂ්කට ක්‍රිකට් තහනමක්

ලිංගික අතවර චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු සංචිතයකට තෝරා ගැනීම පිළිබඳ සලකා නොබලන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

අදාළ ක්‍රීඩකයා සිදු කරන ලද බවට චෝදනා ගොනුවී ඇති වරද සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට ද පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටී.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිල නිවේදනය පහතින් දැක්වේ.

Sri Lanka Cricket suspended Danushka Gunathilaka from all forms of cricket with immediate effect
Credit: Sri Lanka Cricket

3 min read

Published

Updated

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now