ශ්‍රී ලංකාව වෙනුවෙන් පවුම් මිලියන 6.6ක් වෙන් කළ බව බ්‍රිතාන්‍ය හිටපු අගමැති David Cameron කියයි. (SBS සිංහල/වාර්තා)

දමිළ ව්‍යාපාරිකයකු වන සුබාස්කරන් අල්ලිරාජා ගෙන් සහ ඔහුගේ ආන්දෝලනාත්මක දුරකතන සේවා සමාගමක් වන Lycamobile සමාගමෙන් පවුම් මිලියනයක මුදලක් Conservative පක්ෂයට ආධාර වශයෙන් ලැබුණු බව වාර්තා වේ. මේ වන විට එම මුදල් වලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්න මතුව ඇති බව ද වාර්තා වේ.

David Cameron announces £6.6m was being set aside for Sri Lanka

Source: www.myblogarena.com

ශ්‍රී ලාංකිකයෙකුගෙන් බ්‍රිතාන්‍යයේ Conservative පක්ෂයට ලැබුණු පවුම් මිලියනයකට වඩා වැඩි ආධාර මුදල් හේතුවෙන් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් ලැබෙන විදේශ ආධාර කැපී පෙනෙන ලෙස වැඩිවූ බව බ්‍රිතාන්‍යයේ Daily Mail පුවත් පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිසා අවතැන් වූ දමිළ ජනයා ට උපකාර කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව වෙත පවුම් මිලියන 6.6ක මුදලක් වසර 3ක කාලයකට වෙන් කළ බව පසුගිය නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති David Cameron නිවේදනය කළේය.

එම ප්‍රකාශයට පෙර, දමිළ ව්‍යාපාරිකයකු වන සුබාස්කරන් අල්ලිරාජා ගෙන් සහ ඔහුගේ ආන්දෝලනාත්මක දුරකතන සේවා සමාගමක් වන Lycamobile සමාගමෙන් පවුම් මිලියනයක මුදලක් Conservative පක්ෂයට ආධාර වශයෙන් ලැබුණු බව වාර්තා වේ.

මේ වන විට එම මුදල් වලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්න මතුව ඇති බව ද වාර්තා වේ.

44 වියෙහි පසුවන අල්ලිරාජා Lycamobile සමාගමේ නිර්මාතෘවරයා වන අතර ඔහු ශ්‍රී ලංකාවේ මුලතිවු ප්‍රදේශයේ උපත ලැබූ අයෙකි. Lycamobile යනු පෙරගෙවුම් දුරකතන කාඩ් පත් අලෙවි කරන සමාගමකි. ඔහුගේ වත්කම මේ වනවිට පවුම් මිලියන 160ක් පමණ වන බවත් බ්‍රිතාන්‍යයේ ධනවත් පුද්ගලයන් අතරින් 640 වන ස්ථානයේ ඔහු පසුවන බවත් වාර්තා වේ.

අල්ලිරාජාගේ බදු වංචා සහ ඔහුගේ සමාගමේ කළු සල්ලි ජාවාරම් පිළිබඳ පරීක්ෂණ වලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

2009 වසරේ යුද්ධය අවසානයෙන් පසු  හදිසි සේවා සඳහා වන මානුෂීය ආධාර හැර ශ්‍රී ලංකාවට ලබා දෙන අනෙක් සියලු විදේශ ආධාර බ්‍රිතාන්‍යය විසින් අත් හිටුවන ලදී.

නමුත් වසර දෙකකට පසුව Lycamobile සමාගමෙන් Conservative පක්ෂයට ආධාර මුදල් ප්‍රදානය කිරීමට පටන් ගැනීමත් සමග එම මුදල් conflict pool එකකට හෙවත් අර්බුද සමතයකට පත් කිරීමේ සංචිතයකට අනියුක්ත කරන ලදී.

2011 වසරේදී Lycamobile සමාගමෙන් පවුම් මිලියන 176,000ක් ආධාර වශයෙන් ලැබුණු බව Conservative පක්ෂය නිවේදනය කළේය. එය 2012 වසරේදී පවුම් 250,000 දක්වා ඉහළ ගොස් තිබේ. එම කාලයේදී එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට තිබූ ආධාර මුදල් ප්‍රමාණය පවුම් මිලියන 6.8ක් පමණ විය. 2013 වසර නිමා වන විට එම ආධාර මුදල් ප්‍රමාණය පවුම් මිලියන 10.2ක් දක්වා ඉහළ ගිය අතර එය ඉරාකයට ලබාදුන් ආධාර වලට වඩා පවුම් මිලියන 3ක වැඩි වීමක් බවද හෙළිවී තිබේ.

2013 වසරේදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති David Cameron ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංචාරයක නිරතවූ අතර 1948 වසරේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු උතුරු පළාතේ සංචාරය කළ ප්‍රථම විදේශ නායකයා ලෙසද ඔහු වාර්තා විය. යුද්ධයේදී දමිළ ජනයට සිදුවුවායයි කියන යුධ අපරාධ සම්බන්ධ විමසීමට ස්වාධීන ක්‍රියාවලියක් ස්ථාපිත කරන ලෙස ඔහු එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඊට අමතරව මුලතිවු ඇතුළු දිස්ත්‍රික්ක තුනක බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා පවුම් මිලියන 2.1ක මුදලක් ලබාදෙන බවටද ඔහු පොරොන්දු වී තිබේ.

2014 මාර්තු මාසයේදී දමිළ ජාතික මවක් සහ දියණිය බේරාගැනීමට උත්සහ කළ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීම පිළිබඳ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය Hugo Swire කණගාටුව පළ කළ අතර ඊට දින 13කට පසුව Lycamobile සමාගමෙන් පවුම් 105,000ක මුදලක් ආධාර වශයෙන් ලැබුණු බවත් ඊටත් දින 3කට පසුව තවත් පවුම් 15,000ක මුදලක් ලැබුණු බවත් Conservative පක්ෂය විසින් අනාවරණය කරන ලදී.

ඊට පෙර වසරේදී ශ්‍රී ලංකාව සඳහා පවුම් මිලියන 6.6 ක ආධාර මුදල් වෙන් කර ඇති බව David Cameron නිවේදනය කළ අතර Lycamobile සමාගමෙන් පවුම් 967,000 ක් සහ අල්ලිරාජා ගෙන් පුද්ගලිකව පවුම් 100,000 ක මුදලක් ආධාර වශයෙන් ලැබී ඇති බව Conservative පක්ෂය වාර්තා කළේය.

2015 මහ මැතිවරණයට මාස දෙකක් තිබියදී බ්‍රිතාන්‍ය හිටපු අගමැති David Cameron ශ්‍රී ලංකා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  හමුවූ අතර දමිළ ජනයාගේ ඉඩම් නැවත ලබාදීම පිළිබඳ සාකච්ඡා වල නිරත විය. එම සාකච්ඡා වලින් දින හයකට පසුව Lycamobile සමාගමෙන් තවත් පවුම් 370,000ක ආධාර මුදල් ලැබුණු බව Conservative පක්ෂය වාර්තා කළේය. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mail




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now