SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් සමග දයාසිරිත් ලාහෝර් යයි.

SL vs Pak T20 Series
Source: Sri Lanka Cricket

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා වේලාවෙන් හෙට (27/10) අලුයම 3ට අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ICC ශ්‍රේණිගත කිරීම්හී හොදම පිතිකරුවන් 100 දෙනා අතර සිටින කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් , චාමර කපුගෙදර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්නත් සහ හොදම පන්දු යවන්නන් 100 දෙනා අතර සිටින නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සචිත්‍ර සේනානායක සහ ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයින් නොමැති බවද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා සහ පකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම් අතර ලාහෝර් නුවරදී එළඹෙන ඔක්තෝබර් 29 වන දින පැවැත්වෙන  20-20 ක‍්‍රිකට් තරගය සඳහා තමන් ද සහභාගී වන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ පැවසීය.

මෙම තරගයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලූවක් නොමැති බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනයද වාර්තාවක් ලබා දී ඇතැයි කී අමාත්‍යවරයා තමන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙරට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද මේ ගැන සොයාබැලීමට පත්කර ඇතැයි අමාත්‍යවරයා පැවසුවේය.

එම වාර්තාව ද දින දෙකක් පමණ ඇතුළත ලැබීමට නියමිත බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ පකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම මෙරට තරගවලට පැමිණි බව හා යුද්ධය වෙනුවෙන් පකිස්තාන රජය ශ්‍රී ලංකාවට දුන් සහාය අමකත කළ නොහැකි බව ද ප‍්‍රකාශ කළේය.

Daily Mirror and Espncricinfo ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now