SKIP TO MAIN CONTENT

2017 වසරේ ඕස්ට්‍රේලියාවේ Daylight Saving Time (DST) අද සිට ආරම්භ වුනා

Day light saving
Source: SBS

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ඕස්ට්‍රේලියාවේ Daylight Saving Time (DST) අද (ඔක්තෝම්බර් 1දා) අළුයම 2.00 සිට ආරම්භ විය. මෙහිදී අළුයම 2.00 ට අළුයම 3.00 ලෙසට පැයක් ඉදිරියට ගෙන ඒම සිදුවිණි.

මෙම Daylight Saving Time (DST) බලපානුයේ ACT , නිව් සවුත්වේල්ස් , වික්ටෝරියා, තස්මේනියා සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත සහ ටෙරටරි වලටයි.

අද අළුයම 2.00 සිට ආරම්භ වුන මේ Daylight Saving ක්‍රියාවලිය අවසන් වන්නේ ලබන වසරේ අප්‍රේල් මස පලවෙනි ඉරිදායි. එහිදී ඉරිදා අළුයම 3.00 ට අළුයම 2.00 ලෙසින් නැවත වේලාව පෙර තිබූ ආකාරයට පැයක කාලයක් ආපස්සට ගනු ලබනවා.

ඔබගේ ජංගම දුරකථනය සහ පරිඝනකය වැනි ඉලෙක්ට්‍රොනික උපාංග වල මෙලෙසින් වේලාව වෙනස් වීම ඉබේම සිදුවන නමුත්, ඔබගේ අත් ඔරලෝසුවේ, බිත්ති ඔරලෝසු සහ මෝටර් රථ වල වේලාව වෙනස් වීම ඉබේම සිදු නොවන නිසා එය ඔබ විසින්ම සකසා ගත යුතු වෙයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය, බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය,  සහ NT හෙවත්  Northern Territory යට මෙම  Daylight Saving Time (DST) ක්‍රියාදාමය අදාළ නොවේ. එම ප්‍රාන්තවල වේලාවන්හි කිසිඳු වෙනස් වීමක් සිදු නොවේ.

පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now