SKIP TO MAIN CONTENT

විචිත්‍රවත් සමාරම්භක උළෙලක් සමගින් 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි (SBS සිංහල / වාර්තා)

Gold Coast 2018 Commonwealth Games - Opening Ceremony
during the Opening Ceremony for the Gold Coast 2018 Commonwealth Games at Carrara Stadium on April 4, 2018 on the Gold Coast, Australia. Source: Getty Images AsiaPac

1 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

ඉපැරණි ඕස්ට්‍රේලියානු ආදී වාසී  සංස්කෘතිකාංග වලට මුල්තැන ලබාදෙමින් 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (අප්‍රේල් 04දා )  ගෝල්ඩ් කෝස්ට් නුවර Carrara ක්‍රීඩාංගයේදී  පැවැත්විණි.   Susie O'Neill, Brad McGee, Kurt Fearnley, Liz Ellis සහ  Brent Livermore  යන සුපරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩා තරු විසින් රැගෙන ආ  රැජිනගේ යෂ්ඨිය (Queen's Baton)  අවසන් වශයෙන් භාරදෙනු ලැබුවේ ඔලිම්පික් පදක්කම් ලාභී සුපිරි මළල  ක්‍රීඩිකා Sally Pearson හටයි. පොදු රාජ්‍ය  මණ්ඩලයේ රටවල සංචාරය කිරීමෙන් අනතුරුව එහි සංචාරය නිමාවට පත් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසී  සුපිරි මලල ක්‍රීඩිකා Sally Pearson තෝරාගැනීම බොහෝ දෙනෙකුගේ ප්‍රසංශාවට ලක්ව තිබිණි.

 

 

සමාරම්භක උළෙලට පෙර ක්‍රීඩාංගනයට වර්ෂාව අද හැලුනත්, සමාරම්භක උළෙල අතර තුර වර්ෂාවෙන් කිසිදු බාධාවක් එල්ල නොවූ අතර, බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් සමාරම්භක උළෙලට එක්  වූ චාර්ල්ස් කුමරු විසින් 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කරනු ලැබිය.

Gold Coast 2018 Commonwealth Games - Opening Ceremony
during the Opening Ceremony for the Gold Coast 2018 Commonwealth Games at Carrara Stadium on April 4, 2018 on the Gold Coast, Australia. Source: Getty Images AsiaPac

21 වැනි පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල රටවල් 71ක සහභාගීත්වයෙන් අප්‍රේල් 04 දා  සිට 15 දා  දක්වා ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now