ඕස්ට්‍රේලියානු ප්‍රධාන භුමිය තුල රඳවා තබා ගෙන ඇති 19 හැවිරිදි කාන්තාවකට බලහත්කාරයෙන් ඇඳුම් ඇන්දවීම , මවක් සිය දරුවාගෙන් පැය 32ක් වෙන් කොට නීතිමය පහසුකම්ද සපයා නොතිබීම බලපැම් සිදු කිරීම ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම විසින් හෙලා දැක තිබේ . මේ වන විට එවන් පැමිණිලි 14ක් විමර්ශනය කොට ඇති අතර එයින් 9කම එම පුද්ගලයන්ගේ පෞදගලිකත්වය හා ගෞරවයට හානි වන අයුරින් නිලධාරීන් ක්‍රියා කොට ඇති බවට හෙළි වී තිබේ .
එසේම මෙම රැදවියන් බැඳ තැබීම වැනි දේ නිසා රැදවියෙකු ගේ අත තුවාල වීම වාර්තා වී තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිචාරය
ස්වදේශ කටයුතු අමාත්යංශය මේ පිලිබදව අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම සිදුවීම් මානව හිමිකම් කඩ කිරීම් ලෙස සැලකිය නොහැකි බවයි. නමුත් මානව හිමිකම් කොමිසමේ මෙම නවතම වාර්තාව නිකුත් වීමෙන් පසුව දෙපාර්තමේන්තුව සිය වැඩපිළිවෙල මදක් වෙනස් කොට තිබේ.
නමුත් මානව හිමිකම් කොමිසමේ සභාපතිනි Rosalind Croucher පවසන්නේ මෙම අපයෝජන වලට මුහුණ පෑ පුද්ගලයින්ට වන්දි ගෙවිය යුතු බවයි. ඇය පවසන්නේ බලහත්කාරයෙන් මෙල්ල කිරීම සාකච්චා මාර්ගයෙන් පාලනය කල නොහැකි වූ විටදී අවසන් උපක්‍රමය ලෙස එය භාවිතා කල යුතු බවයි . එයත් ඉතා කුඩා කාලසීමාවකදී යෙදිය යුතු බවත් ඇය පවසයි

මෙම සිදුවීම් පැමිණිලි බොහොමයක් ඉදිරිපත් වී ඇත්තේ සරණාගතයින් ගෙන් වන අතර ඔවුන් බොහෝ දෙනා දැන් මෙරටින් ඉවත් කොට තිබේ. එක රැදවියෙකු සිඩ්නි සිට පර්ත් දක්වා මාරු කිරීමේදී පැය 8ක් පමණ මාංචු දමා සිටි බවටද වාර්තා වී ඇත. නමුත් එසේ කිරීමට කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති බවද වාර්තා වී තිබේ
එසේම තවත් කිසිදු අවධානමක් නොමැති පුදගලයෙකු ක්‍රිස්මස් දුපතේ සිට මෙල්බන් දක්වා පැය 12ක් මාංචු දමා ගෙන ඇති බවද වාර්තා වේ.
ඔහු වියට්නාම ජාතිකයෙකු වූ නිසා එසේ ඔහුට සලකා ඇති බවද වාර්තා වේ
කොමිසම හෙළි කරන කරුණු
කොමිසම පවසන්නේ මෙසේ රැදවියන් ට බලය යෙදීම සිදුකරන්නේ ඇයිද යන කරුණ බ්‍රිතානයේ මෙන් පැහැදිලි නොවන බවයි. එසේම රෝද පුටු වල සිටින හා 17 හැවිරිදි මානසික රෝග වලින් පෙලෙන අය පවා මෙසේ මෙල්ල කිරීම සිදු වී තිබේ.
එක අවස්තාවකදී ක්‍රිස්මස් දුපතේ රදවියෙකු ගේ හිස කොන්ක්‍රීට් පොලව මත වැද්දීම හේතුවෙන් දතක් ද කැඩී තිබේ.
එසේම රදවා මුල් දින 28 තුල රැදවියන් අවධානම වැඩි බවට සලකා බැද තැබීම නැවතිය යුතු බවද මෙසේ අසරණ තත්වය පත් වුවන් ට මානුෂීය ලෙස සැලකිය යුතු බවද Croucher මහත්මිය පවසයි
එසේම කොමිසම පවසන්නේ එසේ බලය පාවිච්චි කිරීම සාධාරණ හේතුවක් මත කල යුතු බවත් , එම අවස්ථා වාර්තා කොට තැබීම අවශ්‍ය බවයි. එක එක පුද්ගලයා මෙල්ල කිරීමේදී ඒ සදහා වෙනම අවසර ගැනීමද අවශ්‍ය බවයි කොමිසම පවසන්නේ


