SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.

Sri Lanka Vs South Africa first Cricket Test match
Sri Lanka Vs South Africa first Cricket Test match

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟයේ ජයග්‍රණය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි.

නායක චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සහ කළමනාකරු ගුරුසිංහ යන ප්‍රධාන පෙලේ පුද්ගලයින් නොමැතිව ලබාගත් ජයග්‍රහණයක් නිසා මෙය තවත් සුවිශේෂී වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 287ක් ලබාගත් අතර දෙවන ඉනිම සඳහා රැස්කළ ලකුණු සංක්‍යාව ලකුණු 190 කි.දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 127ක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 352 ක ඉලක්කයක් හිමිවුවද ඕවර 25යි පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී ඔවුනට රැස්කරගත හැකිවුයේ ලකුණු 73ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 278 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වෙලාවකට කලින් සමත් විය.

අද පැවති දකුණු අප්‍රිකා දෙවන ඉනිමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවුණු දිල්රුවන් පෙරේරා ලකුණු 32 කට කදුළු 6ක් බිඳ හෙළු අතර ඊට අනඟි සහයක් ලබාදුන් රංගන හේරත් ලකුණු 38 කට කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත්වූයේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now