SKIP TO MAIN CONTENT

ආරක්ෂක ලේකම් ට සහ පොලිස්පති ට ජනපති අස් වෙන්න කියයි.

Sri Lanka attacks
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත ජයසුන්දර යන දෙපලට ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.

ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාට අද (24/04) පෙරවරුවේ මෙම දැනුම්දීම කර ඇති බව සඳහන්.

මේ අතර හිටපු හමුදාපති දයා රත්නායක මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත ජයසුන්දර යන දෙපල වහාම අත්අඩංගුවට ගෙන නිතීය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාර දී තිබේ.

පසුගිය ඉරිදා දින දිවයින පුරා සිදුවු ප්‍රහාර පිළබඳව 2019.04.04 වන දිනසිය බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී සිටියදී එම තොරතුරු වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවන බව දැන දැනම ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දන්ඩ නීති සංග්‍රහයේ 296 හා 297 වගන්ති සමඟ කියවිය යතු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 21 වන වගන්තිය යටතේ සාපරාධි අපරාධයක් සිදු කර ඇති බව මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහතින් දැක්වෙයි.

Sri Lanka attacks
Source: Facebook

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now