ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ඊයේ දිනයේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස අසන්ත ද මෙල් මහතා කටයුතු කරන අතර බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න සහ චමින්ද මෙන්ඩිස් සෙසු සාමාජිකයින් බව වාර්තා වේ.
ඒ අනුව එළඹෙන දෙසැම්බර් 15 දින සිට නවසීලන්තයේදී ආරම්භ වන ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයින් තේරීම මෙම නව තේරීම් කමිටුවේ ප්‍රථම කටයුත්ත වනු ඇත.