SKIP TO MAIN CONTENT

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි කටේ තිබියදී ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු හදිසියේම ඉල්ලා අස්වෙයි

Thilan Samaraweera _ SL Cricket batting coach
Thilan Samaraweera _ SL Cricket batting coach

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රීඩක තිලාන් සමරවීර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරු ධුරයෙන් හදිසියේම ඉල්ලා අස්වී තිබේ.ඉල්ලා අස්වන විට ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම අවසන් වීමට තවත් මාස 6ක කාලයක් ඉතිරිව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසා ඇත්තේ තිලාන් සමරවීර මහතා පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වන බවට ලිඛිතව දැනුම්දී ඇති බවයි. එහෙත් ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුවක් ඔහු සඳහන් කර නොමැති බවද සභාපතිවරයා සඳහන් කොට ඇත.

How to listen SBS Sinhalese program
How to listen SBS Sinhalese program Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now