සීග්‍රයෙන් වර්ධනය වන ජනගහනය සහ ඕස්ට්‍රේලියානු ආර්ථිකය

Huge crowds fill Pitt Street Mall and the CBD shopping district as they purchase their last minute christmas gifts on Christmas Eve in Sydney, Wednesday, Dec. 24, 2014. (AAP Image/Dean Lewins) NO ARCHIVING

Huge crowds fill Pitt Street Mall and the CBD shopping district in Sydney. (AAP Image/Dean Lewins) NO ARCHIVING Source: AAP

ඕස්ට්‍රේලියානු ජනගහනය මිලියන 24ක් බවට පත් වූ බව පසුගියදා  ඕස්ට්‍රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශය නිවේදනය කළේය. මෑත වසර කීපය තුලදී  ඕස්ට්‍රේලියානු ජනගහනය සීග්‍රයෙන් වර්ධනය වී ඇති බවත්, සංක්රමණිකයින් ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් සංඛ්යාලේඛන පෙන්වාදෙන කාරණයක්.

ජනගහන වර්ධනය පිළිබද අධ්යනය කරන විශේෂඥයින් අපේක්ෂා කල වේගයට වැඩ වැඩි වේගයකින් ජනගහනය වර්ධනය වී ඇති අතර, මෙම ජනගහන වර්ධනය ඕස්ට්රේලියානු ආර්ථිකයට බලපාන ආකාරය පිළිබද විවිධ මත පල වී තිබේ.

2006 වසරේ සිට  සංක්රමණිකයින් මෙරට ජනගහන වර්ධනයේ ප්රධාන සාධකය බවට පත්ව තිබු අතර, සියයට 60ක්ව  තිබු එම ප්රතිශතය දැන් සියය්ට 53 දක්වා අඩු වී ඇති බව සදහන්. ඕස්ට්රේලියාවේ සමස්ථ ජනගහන වර්ධන වේගය සියයට 1.4 ක් වන අතර එය නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය යන රටවලට වැඩ වැඩි අගයක් බව සදහන්.

මේ අතර ලොව බොහෝ රටවල් මේ අයුරින් ජනගහන වර්ධනයක් පෙන්නුම් කලත් ජපානයේ ජනගහනය පහත වැටීමේ ප්රවනතාවයක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි.

සීග්‍රයෙන් වර්ධනය වන ඕස්ට්රේලියානු ජනගහනය පිළිබද අදහස් දක්වන හිටපු ඕස්ට්රේලියානු විදේශ ඇමති බොබ් කාර් පවසන්නේ, මෙරටට පැමිණෙන සංක්රමණිකයින් සියයට 50කින් අඩු කිරීමේ අවශ්යතාවයක් ඇති බවයි. නමුත් මීට  විරුද්ධ මතයක් දරන ඕස්ට්රේලියානු ෆෙඩරල් රජයේ නියෝජ්ය භාණ්ඩාගාරික ඇලෙක්ස් හෝක් පවසන්නේ ජනගහන වර්ධනයට ඕස්ට්රේලියාව තුල තව ඉඩ කඩ ඇති බවයි.

මේ පිලිබදව අදහස් දක්වන Deloitte access economics ආයතනයේ ක්රිස් රිචර්ඩ්සන් පවසන්නේ, ඕස්ට්රේලියානු ශ්‍රම බලකාය තුල  සමහරක් කේෂ්ත්ර සදහා පුහුණු ශ්රමිකයින්ගේ දැඩි අවශතාවයක් පවතින බවත්, එම අඩුව පිරවීම සංක්රමණිකයින් මගින් සිදුවන බවයි. ඕස්ට්රේලියාව තුල වැඩිවන ජනගහනය නිවාස මිල ඉහල යාමට හේතුවුවත්, සමහරක් පිරිස් ජනගහනය වැඩි ප්‍රදේශ වෙනුවට, වෙනත් විකල්ප ප්‍රදේශ වලින් නිවාස මිලදී ගන්නා ප්රවනතාවයක් ඇතිව තිබෙන නිසා සමහරක් ප්රදේශ වල නිවාස මිල පහත වැටීමක් පෙන්නුම කරන බවද ක්රිස් රිචර්ඩ්සන් මහතා පවසයි.

තවද පසුගිය වසර කීපය තුල ඕස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයින්ගේ සංයුතියේ වෙනසක් දක්නට ලැබෙන බව සමාජ පර්යේෂකයින් සදහන් කරයි. පසුගිය වසර කීපයේදී ආසියානු රටවලින් වැඩි සංක්රමණිකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතැයි  සමාජ පර්යේෂක Mark McCricndle මහතා පෙන්වා දෙයි.

ඕස්ට්රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශය පවසන ආකාරයට 2018 වන විට ඕස්ට්රේලියානු  ජනගහනය මිලියන 25ක් වනු ඇති බව සදහන්. වැඩිවන ජනගහනයට සරිලනලෙස ඕස්ට්රේලියානු පසුතල පහසුකම්ද වර්ධනය විය යුතු බව McCricndle මහතා පෙන්වා දෙන වැදගත් කාරණයක්.

ඕස්ට්රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව සෑම  විනාඩියයි තත්පර 31දීම ඕස්ට්රේලියානු ජනගහනයට එක්  අයෙක් එකතුවන බව සදහන්.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now