SKIP TO MAIN CONTENT

මුදල් විශුද්ධිකරණය ඇතුළු සාපරාධී ක්‍රියාකාරකම් සම්බන්ධව එල්ලව ඇති චෝදනා ක්‍රවුන් කැසිනෝ ආයතනය ප්‍රතික්ෂේප කරයි.

Crown has denied allegations it engaged in criminal activity including money-laundering, saying it's facing a deceitful campaign.
General view of exterior signage at Crown Casino, Southbank, Melbourne, Saturday, July 27, 2019. (AAP Image/James Ross) NO ARCHIVING Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

මුදල් විශුද්ධිකරණය ඇතුළු සාපරාධී ක්‍රියාකාරකම්වල යෙදී සිටින බවට එල්ලව ඇති චෝදනා ක්‍රවුන් කැසිනෝ ආයතනය විසින් ප්‍රතික්ෂේප කරයි.

තම ආයතනය අපහාසයට ලක්වන අයුරින් සිදුකරන ප්‍රයෝගකාරි කූට ව්‍යාපාරයකට  තම ආයතනය මුහුණ දී සිටින බව ක්‍රවුන් ආයතනය පවසයි.

ක්‍රවුන් හි මෙල්බර්න් කැසිනෝ ශාලාවේ විශාල මුදල් ප්‍රමාණයක් සැකසෙන බවත්, සූදුවේ නියැලෙන විදේශ ජාතිකයින් සඳහා වීසා බලපත්‍ර අයදුම්පත් ක්‍රියාවලිය වේගවත් කිරීමට ෆෙඩරල් රජය සම්බන්ධ බවටත් චෝදනා කරමින් 'නයින් නිවුස්' ආයතනය මේ සතියේදී වාර්තා වැඩසටහන් මාලාවක් ප්‍රකාශයට පත් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රවුන් කැසිනෝ හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශකොට ඇත්තේ තම ආයතනය පිළිබඳව වුනු මෙම වාර්තා “අසමබර හා උද්වේගකර අයුරින් සකස් කොට ඇති බවයි.

නයින් නිවුස් ආයතනය මඟින් කිදුකරන ලද එම වාර්තාකරණයේ වැඩි හරියක් පදනම් වී ඇත්තේ, සනාථ නොකළ චෝදනා, අතිශයෝක්තියට නැංවීම, සහ සම්පූර්ණ අසත්‍යයන් මත  බවද ක්‍රවුන් කැසිනෝ ආයතනය මඟින් නිකුත්කොට ඇති වාර්තාවෙන් පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now