SKIP TO MAIN CONTENT

නව වසරේ පළමුදා සිට ඔස්ට්‍රේලියාවේ කාන්තා සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ 10% ක GST බදු අහෝසියි.

No more tampon tax
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අද (01/01) පටන් ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරනු ලබන කාන්තා සනීපාරක්ෂක තුවා සහ අනෙකුත් සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ 10% ක බදු මුදල ඉවත් කර තිබේ.

කාන්තා සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ 10% ක GST බදු මුදල අහෝසි කිරීමට පසුගිය වසරේ අග භාගයේදී තීරණය විය.

මෙම බදු මුදල් අහෝසියත් සමග ඔස්ට්‍රේලියාවට වසරකට ඩොලර් මිලියන 30 ක පමණ අහිමිවීමක් සිදුවන බවද ගණන් බලා තිබේ.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියාව තුළද "no jab, no play" යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අද පටන් ආරම්භ කර තිබේ.

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදුන් ළමුන් පාසල් වලට සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වලට බාර නොගැනීම "no jab, no play" යන ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වේ.

මේ අතර ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහනේ අවසාන අදියරයන් ක්වීන්ස්ලන්තය පුරා අද සිට ආරම්භවීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now