ඇෆ්ගනිස්ථානයේ සිහින බොඳ කරමින් දකුණු අප්‍රිකාවට ලකුණු 37ක ජයක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ ඊයේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය තරග වැදුණු අතර එම තරගයෙන් ලකුණු 37ක ජයක් හිමි කරගන්නට දකුණු අප්‍රිකාව සමත් විය.

Chris Morris of South Africa celebrates dismissing Mohammad Shahzad of Afghanistan

Chris Morris of South Africa celebrates dismissing Mohammad Shahzad of Afghanistan during the Twenty20 world cup match between SA and Afganisthan Source: Getty Images

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවති  මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු  5 ක් දැවී ලකුණු 209 ක් වාර්තා කරන්නට දකුණු අප්‍රිකානු පිති කරුවන් සමත් විය.  දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු රැස්  කිරීමේදී AB ඩි විලියර්ස් වාර්තා කල ලකුණු 64 කැපී පෙනුණු අතර පන්දු 29කදී හතරේ පහර හතරක් සහ හයේ පහර පහක් සමගින් ඔහු එම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට සමත් විය. මෙම තරගය ඇෆ්ගනිස්ථානය පරාජයට පත් වුවද ඔවුන්ගේ ධෛර්ය්‍යසම්පන්න ක්‍රීඩා විලාශය  ඊයේ දිනයේද දක්නට ලැබුණු අතර ඒ නිසා ඉතා විශාල ලකුණු ප්‍රමාණයක ජයක් තමන් නතු කරගැනීමේ අවසථාව දකුණු අප්‍රිකාවෙන් ගිලිහී ගියේය.

තරගයේ පිළිතුරු ඉනිම ආරම්භ කල ඇෆ්ගනිස්ථානයට  ලකුණු 210ක ඉලක්කයක් හිමි වූ අතර, නියමිත පන්දුවාර 20 තුලදී සියලු දෙන දැවී ඔවුන්ට වාර්තා කල හැකි වුයේ ලකුණු 172ක් පමණි. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ මොහොමඩ් ශේෂාද් පන්දු 19 කදී ලකුණු 44ක් වාර්තා කලේ හතරේ පහර 3ක් සහ 6 පහර 5ක් සමගින්. නමුත් අනෙකුත් ඇෆ්ගනිස්ථානු පිතිකරුවන්ගෙන් අවශ්‍ය ඉලක්කය වෙත යාමට නිසි දායකත්වයක් නොලැබුණු අතර ක්‍රිස් මොරිස් ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සෙසු පිති කරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කරන්නට සමත් විය.

ඉතා අගනා පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් මොරිස් පන්දු වාර  4ක් යවා  ලකුණු 27ක් ලබාදී කඩුලු  4ක් දවා  ගන්නට සමත් වූ අතර තරගයේ වීරයා ලෙසද සම්මාන හිමි කරගත්තේය.

මෙම තණ තීරුව පිතිකරුවන්ට හිතකර තණ  තීරුවක් බවත් පලුමු පන්දුවාර 7 තුල තම කණ්ඩායමේ වැඩි කඩුලු  ප්‍රමාණයක් දැවී යාම පරාජයට හේතු වූ බවත් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇෆ්ගනිස්ථානු ක්‍රීඩක මොහොමඩ් ශේෂාද් සදහන් කළේය.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now