ඉරාන - ඉරාක කඳුකර දේශසීමාව ආසන්න ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 7.3ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවකින් 207 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
එමෙන්ම 1700 ක පමණ පිරිසක් එම සිද්ධියෙන් තුවාල ලබා ඇති බවද සඳහන්.
මියගිය හා තුවාල ලැබූ පිරිස් සොයා දැනටමත් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද බොහෝ පිරිසක් සුන්බුන් යට සිර වී ඇතැයි ඉරාන ඉරාක ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉරාක - කුර්දිස්තාන් හි නිරිත දිග Halabja කලාපයේ කිලෝ මීටර් 30 ක පමණ දුරකට මෙම භූමි කම්පාව බලපෑ බවත් එය එරට වේලාවෙන් ඉරිදා (12/11) දිනයේ රාත්‍රී 9.20 ට පමණ සිදුවූ බවත් වාර්තා වේ.
SBS පුවත් ඇසුරෙනි.

