මීතොටමුල්ල කසල කන්ද නාය යෑම : මරණ සංඛ්‍යාව 30 දක්‌වා ඉහළට.

Death toll rise up to 30 in garbage mound in Meetotamulla.

Source: Daily News

මීතොටමුල්ල කසල කන්ද නායයැමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 30 දක්‌වා ඉහළ යයි.

 

මියගිය අයවලුන් අතර දැනට ළමුන් 6 දෙනෙකුගේ සිරුරු හමුව ඇතැයි ද වාර්තාවේ.

 

මේවනවිට අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි 32 ක්‌ ඊයේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය වෙත ලැබී තිබේ.

 

එසේම පවුල් 228 ක පුද්ගලයෝ 981 ක්‌ අවතැන්ව සිටින බවද වාර්තාවේ. විපතට පත්වූවන් කොළොන්නාව ටෙරන්ස්‌ එන්. ද සිල්වා මහා විද්‍යාලයේ රඳවා සිටින අතර ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සපයනු ලබයි.

 

අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් තව දුරටත් සිදුවෙමින් පවතින අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් 1500 ක්‌ පමණ යොදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

වන්දි ලබා දීම පිළිබඳ තවමත් සාකච්ඡා.

මේ අතර මෙම ඛේදවාචකයෙන් විපතට පත්වුවනට වන්දි ලබාදීම පිළිබඳව රජය මේවනවිට කටයුතු කරමින් පවතී. ස්වභාවික ආපදාවකදී රජයෙන් ලැබෙන රුපියල් ලක්ෂ 25 සහ පුද්ගල මරණයක් සඳහා රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂයක මුදල ට අමතරව තවත් අමතර දීමනාවක් වන්දිවශයෙන් ලබාදීම කෙරෙහි රජය මේ වනවිට සාකච්චා කරමින් පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

 

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අයත් කිසිදු රජයේ ඉඩමකට මැයි පළමු වැනිදා සිට කසළ බැහැර කිරීම තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර ඇත. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පැවති ප්‍රවෘති සාකච්චාවකදී පවසා සිටියේය.

 

යම් නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කසළ බැහැර කිරීමට අවශ්‍ය වන්නේ නම් එම ආයතන සතු ප්‍රතිපාදනවලින් විසඳුම් සපයා ගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

 

මේඅතර ඊයේ පැවති තවත් මහජන උත්සවයකි මේ සම්බන්දව අදහස් පලකොට සිටි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසුයේ කසල කලමාකරණය සඳහා තමන් ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වූයේ නාගරික සංවර්ධන අධිකාරිය ඊට එරෙහිවීම නිසා බවයි.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now