කොරෝනා වයිරසය හා චීන ජාතිකයන් පිළිබද ඔබ දැනගත යුතු මිත්‍යා මත 5ක් (SBS සිංහල / වාර්තා )

s

Source: SBS

කොරෝනා වයිරසය චීනයේ වුහාන් සිට ආරම්භ වී ලොව පුරා පැතිර යද්දී ඒ සම්බන්ධයෙන් විවිධ මත පල වීමත්, චීන ජාතිකයන් කෙරේ වෙනස්කම් සිදු කිරීමත් වාර්තා වේ. මෙසේ චීන ප්‍රජාව සම්බන්ධයෙන් විවිධ වෙනස් කම් කිරීම යුරෝපයේ හා ඇමෙරිකාවේ පවා වාර්තා වී ඇත. මේ හේතුව නිසා ලෝකයේ චීන ප්‍රජාව #JeNeSuisPasUnVirus යනුවෙන් සමාජ ජාලා ඔස්සේ සිය අදහස් පල කොට තිබේ. මෙහි අර්ථය වන්නේ මම වයිරසයක් නොවේ යන කරුණයි.

s
Source: Twitter

එම මිත්‍යා මත මෙසේයි

1. චීන ජාතිකයන් මුව ආවරණ පලදින්නේ ඔවුන්ගේ ආරක්ෂාවට

බොහෝ අග්නි දිග ආසියානු රටවල මුව ආවරණ පැළදීම  සාමාන්‍ය දෙයක් වන්නේ ඔවුන් අන් අයගේ ආරක්ශාව හා පරිසර දුෂණයෙන් මිදීමටයි. ඔවුන් වයිරසයෙන් ආරක්ෂා වීමට යන මතය වැරදි බවයි චීන ජාතිකයන්ගේ අදහස . විශේෂයෙන්ම චීනය හා ජපානය වැනි රටවල ජනගහනය වැඩි නිසා ශ්වසන රෝග වලින් ආරක්ෂාවට එසේ කරන ලෙස සෞඛ්‍ය සේවකයින්ද උපදෙස් දෙනවා.

2. සියලු චීන ජාතිකයන්ට කොරෝනා වයිරසය ඇති බව

සියලු ආසියාතිකයන් චීන ජාතිකයන් නොවන අතර සියලු චීන ජාතිකයන්ට කොරෝනා වයිරසය වැළදී නොමැත. දැනට මේ වයිරසය 40000ට වැඩි පිරිසකට  ආසාධිත අතර 900ට වැඩි පිරිසක් මිලදී ගොස් තිබේ. ඒ අනුව සලකා බැලු විට මෙම රෝගය ආසාධිත වී ඇත්තේ චීන ජනගහනයෙන් 0.004% පමණ. මෙසේ සලකා බැලුව හොත් ඕස්ට්‍රේලියාවේ මෙම තත්වය ඇති වුවොත් ඕස්ට්‍රේලියානු ජනගනය අනුව 1000ට වඩා අඩු සංඛ්‍යාවකට පමණයි රෝගය වැළදෙන්නේ.

3. සියලු ආසියානුවන් චීන ජාතිකයන් වේ

මෙය අසත්‍යක් වේ. ආසියාවේ රටවල් 48ක් ඇති අතර එයට ජපානය , චීනය , මද පෙරදිග රටවල් පවා අයත් වේ. ආසියාවේ ජනගහනය බිලියන 4.5ක් වන අතර චීනයේ ජනගහනය බිලියන 1.38ක් නිසා එය මහාද්වීපයෙන් 30%ක ජනගහනයක් වේ.

ඔස්ට්‍රේලියාව තුල චීන සම්භවයක් ඇති පිරිස 5.6%ක් වේ. වසර 2016 සංගණනයෙන් එම සංඛ්‍යාව 1,213,903ක් විය. එසේම 123,017 පිරිසක් කොරියානු හා 250,490 ක පිරිසක් වියට්නාම සම්භවයක් සහිත වේ.

ඒ නිසා මෙම වයිරසය චීන ජනයාට වෙනස්කම් කිරීමට හේතුවක් නොවන බවත්, එය මුස්ලිම් ජනයාට ත්‍රස්තවාදීන් යයි පැවසීමට සමාන යයි ද ප්‍රජාවේ බොහෝ දෙනා පවසයි.

4. චීන ජාතිකයන් වවුලන් වැනි විවිධ සතුන් හැම විටම ආහාරයට ගනී

කොරෝනා වයිරසය වවුලන් ආහාරයට ගැනීමෙන් සිදු වුවා දැයි තවමත් තහවුරු වී නැත. වාර්තා වන අන්දමට වුහාන් හි නීත්යානුකුල නොවන ලෙස විකුණු මස් රැගත් වෙළද සලකින් මෙය ආරම්භ වී තිබේ. SBS mandarin සේවයේ Dong පවසන්නේ සියලු චීන ජාතිකයන් වවුල් මස් ආහාරයට නොගන්නා බවත්, චීනයේ ඇති විශාල විවිධ පසුබිම් හා ප්‍රජා වල ජන කොට්ටාශ අතර විවිධ ආහාර පුරුදු ඇති බවයි. මෙය ලෙබනන් ජාතිකයන් අමු හරක් මස් ආහාරයක් ගැනීමත් ඉතාලි ජාතිකයන් Casu marzu ආහාරයට ගැනීම ට සමාන වේ. නමුත් Dong පවසන්නේ මෙසේ විවිධ රෝග පැතිර යන නිසා චීන රජය මෙසේ අනවසර සත්ව මස් ගෙන්වීම පාලනය කල යුතු බවයි. නමුත් චීන ජනප්‍රිය පුද්ගලයෙකු වන Wang Mengyun වවුල් මස් සහිත ආහාරයක් ගැනීම සහිත ප්‍රචලිත වී ඇති වීඩියෝව මීට වසර 3ට පෙර එකක් බවත් පැවසේ

5. චීන ජාතිකයන් සියලු දෙනාම එක සමාන බව

Dong පවසන්නේ චීනයේ ජන වර්ග 56ක් ඇති අතර, චීන මුදල් නෝට්ටු වලත් භාෂා 5ක් ඇත. Han Chinese නම් ජනවර්ගය 91%ක් සමන්විත වේ. පහත දැක්වෙන්නේ එම එම ජනවර්ග 56යි.

Achang, Bai, Bonan, Bouyei, Blang, Dai, Daur, Deang, Dong, Dongxiang, Dulong, Ewenki, Gaoshan, Gelao, Hani, Hezhe, Hui, Jing, Jingpo, Jinuo, Kazak, Kirgiz, Korean, Lahu, Li, Lisu, Luoba, Manchu, Maonan, Menba, Miao, Mongolian, Mulao, Naxi, Nu, Oroqen, Ozbek, Pumi, Qiang, Russian, Salar, She, Shui, Tajik, Tatar, Tibetan, Tu, Tujia, Uigur, Wa, Xibe, Yao, Yi, Yugur, Zhuang.

Source: SBS Arabic


3 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now