SKIP TO MAIN CONTENT

තමන් ජනපතිකම අත් නොහරින බව මුගාබේ පවසයි.

Defiant Mugabe refuses to step down
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

සිම්බාබ්වේ පාලක පක්ෂය රොබට් මුගාබේ එම පක්ෂ නායකත්වයෙන් ඉවත් කර තිබෙන අතර ඔහුට ජනාධිපතිධුරයෙන් ඉවත් වීම සඳහා පැය 24 ක කාලයක් ලබා දී තිබේ.

එසේ නොවූවහොත් 93 වැනි වියේ පසුවන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ද එම පක්ෂය තීරණය කර ඇත.

නමුත් තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බව ඔහු ඊයේ දිනයේදී රූපවාහිනියෙන් විශේෂ කතාවක් සිදු කරමින් පැවසීය.

 

මුගාබේ ජනාධිපතිවරයාගේ 37 වසරක පාලනය අවසන් කිරීමේ අරමුණින් පසුගිය දා සිම්බාබ්වේ හමුදා රාජ්‍ය මාධ්‍ය සියතට ගනිමින් මුගාබේ නිවාස අඩස්සියට ගත්තේය.

එය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් මුගාබේ ජනාධිපතිවරයා වටා සිටිනා අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක් පමණක් බවත් එරට හමුදාව ප්‍රකාශ කළේය.

 

වසර 1980 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමෙන් පසු  මේ දක්වා පක්ෂයේත් සිම්බාබ්වේ දේශයෙත් බලය හෙබවූයේත් රොබට් මුගාබේය.

ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ හිටපු උප ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා සානු පී.එෆ් පක්ෂ නායකත්වයට පත්ව තිබේ. 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now