SKIP TO MAIN CONTENT

සිඩ්නි නුවර ත්‍රස්ත කුමන්ත්‍රණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සියලුම ගුවන් තොටුපොළ වල ආරක්ෂාව තර කෙරේ.

Delays at Australian airports as security bolstered after alleged terror plot
Source: Twitter

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි නුවර ත්‍රස්ත කුමන්ත්‍රණය පොලීසියට හසුවීමත් සමග ඔස්ට්‍රේලියාවේ සෑම ගුවන් තොටුපොළකම ආරක්ෂාව තර කර තිබේ.

ඒ හේතුවෙන් සෑම ගුවන් මගියෙකුම නියමිත වෙලාවට පැය කිහිපයක් පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ගුවන් තොටුපොල බලධාරීන් පවසයි.

දේශීය ගුවන් සේවාවන්හි ගමන් කරන ගුවන් මගීන් අමතර පැයක් පෙරාතුව පැමිණෙන ලෙස Jetstar සහVirgin Australia ගුවන් සේවාවන් දැනටමත් නිවේදනය කර ඇති අතර ආරක්ෂක තිර පරීක්ෂාව කඩිනම් කිරීම උදෙසා තමන්ගේ ගමන් මළු හැකිනම් සීමා කරන මෙන්ද ඉල්ලීමක් කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර ගුවන් ගමන් වල යෙදෙන ගුවන් මගීන් තම ගුවන් යානය පිටත් වීමට නියමිත වේලාවට පෙර අවම වශයෙන් පැය තුනකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ.

අමතර ආරක්ෂක තත්ත්වයන් යටතේ ගුවන් මගීන්ගේ ගමන් මළු වැඩි වශයෙන් පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් ඒ සඳහා අමතර කාලයක් වැය වන බවත් එනිසා අවම වශයෙන් පැය තුනකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණීම වඩාත් හිතකර බවත් බලධාරීන් පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now