SKIP TO MAIN CONTENT

Uber විරෝධතා නිසා මෙල්බන් ගුවන්තොටුපළේ උදෑසන කටයුතු ප්‍රමාද වෙන ලකුණු.

Delays for passengers at Melbourne Airport taxi drivers stage Uber protest
Source: News Corp Australia

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

මෙල්බන් ගුවන්තොටුපොළේ සිට මගීන් ප්‍රවාහනය කිරීමට Uber කුලී රථ සේවාව සඳහා නීතිමය අවසරය පිරිනැමීමට එරෙහිව ඊයේ (15/08) රාත්‍රියේ මෙල්බන් නුවර සාමාන්‍ය කුලී රථ රියදුරන් ගුවන්තොටුපොළ වෙත යන මාර්ගය අවහිර කර විරෝධතාවක නිරතවී තිබේ.

ඒ අනුව ඔවුන් ඊයේ රාත්‍රියේදී ගුවන් තොටුපොළ ප්‍රධාන පිවිසුම අවහිර කර ඇති අතර මේ හේතුවන් පොලීසිය විසින් නීති කඩ කිරීම සම්බන්ධ දඩ කිහිපයක්ද නිකුත් කර තිබේ.

මීට අමතරව කුලී රථ දෙකක් බලෙන් ඉවත් කළ බව පොලීසිය පැවසුවේය.

මෙම අවහිර කිරීම් මේ වන විට විසුරුවා හැර ඇති නමුත් මේ සම්බන්ධ විරෝධතා අද (16/08) දිනය පුරාවටද මෙල්බන් ගුවන්තොටුපොළ ආසන්නයේදී සිදුවීමට ඉඩ ඇති බවත් එනිසා තම ගුවන් යානය පිටවීමට පෙරාතුව වෙනදාට පැමිණෙන වෙලාවට වඩා පෙරාතුව පැමිණෙන ලෙසත් බලධාරීන් ගුවන් මගීන් හට දැනුම්දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now