SKIP TO MAIN CONTENT

පුංචි ඡන්දයේ ගැසට් එකට නීතිපතිගෙන් මෝසමක්.

Politics of Sri Lanka
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් පළාන ආයතන වල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය නිශ්ප්‍රභ කරන ලෙස නීතීපතිවරයා මෝසමක් මඟින් අභියාචනාධිකරණයෙන් ඊයේ (27/11) ඉල්ලීමක් කළේය.

පළාත් පළාන ආයතන වල මැතිවරණය පැවැත්වීමට සහ ජනතාවගේ   සර්ව ජන ඡන්ද බලයට එයින් හානියක් වන බව පවසා නීතීපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

මෙය හදිසි කටයුත්තක් වන බැවින් මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා මෝසම ලබන 30 වැනිදා කැඳවන ලෙසද නීතීපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පළාත් පාලන ආයතන 06ක ඡන්ද දායකයින් පිරිසක් පළාත් පාලන අමාත්‍ය වරයා සහ එම අමාත්‍යංශ ලේකම් වග උත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කොට ඇති අතර එම පෙත්සම සළකා බැලූ අධිකරණය ලබන දෙසැම්බර් මස 04 වැනිදා දක්වා බල පැවැත්වන අන්දමට අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now