සාමාන්යෙන් ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනයේ ඔස්ට්‍රේලියාව පුරා කවුන්සිල වල පුරවැසිභාවය ලබා දෙන උත්සව පැවැත්වේ. නමුත් මේ වන විට වසර 2014 සිට අඩුම පිරිසක් ඕස්ට්‍රේලියානු පුරවසිභාවය සදහා ඉල්ලුම් කරන බවට හෙළි ව තිබේ. 2018-2019 වසරේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සදහා 138,000ක් ජනයා ඉල්ලුම් කොට තිබුණි. මේ අතර එය ඊට පෙර වසරට වඩා 42%න් අඩු වී ඇත.
Migration Council of Australia හි ප්‍රධානී Carla Wilshire පවසන්නේ මෙසේ ඒ සදහා ඉල්ලුම අඩු වීමට දැන් පුරවැසිභාවය ලබා ගැනීමට ගතවන කාලය වසර 2ට ආසන්න වීමත් හේතුවක් බවයි.

මෙම මුල්‍ය වසරේ ඔක්තෝබර් වන තුරුත් ලැබී තිබු ඉල්ලුම් පත් සංඛ්‍යාව 48,225ක් වනවා.
පුරවැසිභාවය ලබා දීමේ පරීක්ෂණය
වසර 2017 දී පුරවැසිභාවය ලබා දීමේ පරීක්ෂනය දැඩි කිරීමට රජය උත්සහ කිරීම නිසා 2016-2017 සමයේදී පුරවැසිභාවය සදහා ඉල්ලුම් පත් 440,000 ගණනක් පමණ යොමු වී තිබිණ. ඒ මෙම පරීක්ෂන්යෙදී විශ්ව විද්‍යාල මට්ටමේ ඉංග්‍රීසි දැනුම මැන බැලීමට අවශ්‍ය බවට රජය පැවසු නිසා.
නමුත් මෙම යෝජනා සෙනට් සභාවෙන් සම්මත නොවූ නිසා ඒවා ඉවත දැමිණ. ඒ අනුව එම අධික ඉල්ලුම් පත් ප්‍රමාණය සපුරා දැමීම සදහාද දිගු කාලයක් ගත විය. දෙපාර්තමේන්තුව පවසන්නේ මෙනිසාම දැන් අමතර සේවකයන් 115 කගේ පුර්ණ කාලීන සේවාව යොදා ගෙන ලබා දීමට ඇති සංඛ්‍යාව 147,000 පමණ තරමට අඩු කර ගැනීමට හැකිවූ බවයි.

ඉල්ලුම් පත් වලින් 3න් එකක්ම මාස 16කින් ලබා දෙන බවත් 90%ක් ඉල්ලුම් පත් මාස 21කින් සම්පුර්ණ කෙරෙන බවත් වාර්තා වේ.
ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමට අවශ්‍ය නොවන පුද්ගලයන්
තම මව් රටේ ජාත්‍යාලය , අනන්‍යතාව ආදී කරුණු නිසා තවත් සමහරු පුරවැසිභාවය ලබා නොගනී. වසර 50ක් ඕස්ට්‍රේලියාවේ වාසය කල ඉන්දුනීසියාවේ Tuti Gunawan පවසන්නේ ඔස්ට්‍රේලියාව ජනරජයක් වූ පසු තමන් පුරවැසියෙකු වන බවයි. නමුත් මෙයට තවත් හේතුවක් ලෙස ඉන්දුනීසියාව ද්විත්ව පුරවැසිභාවය ලබා නොදීමද වේ.
එසේම ඇය පවසන්නේ ඉන්දුනීසියාව ස්වාදීන රටක් වුවත් ඔස්ට්‍රේලියාව එසේ නොවන බව හැගෙන බවයි. ඇගේ පවුලේ සාමාජිකයන්ද ඕස්ට්‍රේලියාවේ නිදහස් සටනට සම්බන්ධ අයයි. නමුත් ඇ පවසන්නේ පුරවැසියන හා සමාන වරප්‍රසාධ ඇයට ලබා දීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට ස්තුතිවන්ත වන බව.
මේ අතර ඉන්දුනීසියානු ජාතික Rahma Suleman පවසන්නේ රජයේ රැකියා ලබා ගැනීමට, චන්දය දීමේ හැකියාව ආදී කරුණු පුරවැසිභාවය හිමි අයට පමණක් ඇති වරප්‍රසාද නිසා තමා වෙසෙන රටේ විදේශිකයෙකු නොවීමට තීරණය කළ බව. නමුත් ඇය තව දුරටත් ඉන්දුනීසියාවේ වෙසෙන ඇගේ පවුලේ සාමාජිකයන් බැලීමට යාම සිදුකරනවා.
ඉදිරියේ පුරවසිභාවය ලබා දීමට ගතවන කාලය වෙනස් වේද ?
රජය විසින් ස්ථිර පදිංචිය ලබා දීමේ ක්‍රමය දැඩි කිරීමත් සමග මෙසේ පුරවැසිභාවය ඉල්ලීමත් අඩු විය හැකි බව පැවසේ. පසුගිය ජුලි මස සිට ස්ථිර පදිංචිය ලබා දෙන සංඛ්‍යාව 190,000 සිට 160,000 දක්වා අඩු කරන ලදී. මෙම නීතිය ක්‍රියාත්මක වීමට පෙර සිටම 2018-2019 ත් ස්ථිර පදිංචි වීසා 160,000 පමණක් ලැබී දී තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාව තුල ශිෂ්‍ය වීසා, රැකියා වීසා ආදී තාවකාලික වීසා වැඩි වීමත් නිසා අනාගත බහු සංස්කෘතිකත්වයට ගැටළු ඇති වේ යයි Wilshire මහත්මිය පවසනවා. ඒ නිසා තවදුරටත් ඕස්ට්‍රේලියාවේ ප්‍රජා සාමුහිකත්වය උදෙසා පුරවැසිභාවය ලබා දීම උනන්දු කල යුතු බවයි ඇ පවසන්නේ.
නමුත් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අදහස මෙසේ ඉල්ලුම් පත් අඩු වීම හේතු වී ඇත්තේ ඕස්ට්‍රේලියානු රජය දැන් ස්ථිර පදිංචිය ලබා දෙන පිරිසගේ අඩු වීම නිසා බවයි. වසර 2011 පමණ සිට සිදුවුන පුරවැසිභාවය ලබා දීමේ ඉහල යාම රටට දරා ගත නොහැකි බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි
Source: SBS News


