SKIP TO MAIN CONTENT

අගෝස්තු 29 වනදා පටන් ලංකාවේ පාස්පෝට් ඔෆිස් එක බත්තරමුල්ලේ (SBS සිංහල/වාර්තා)

මේ හේතුවෙන් කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 දරණ ස්ථානයේ දැනට පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා මහනුවර, මාතර සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාලයන්හි එළඹෙන අගෝස්තු 26 වන දින (සිකුරාදා) මහජන සේවා සැපයීම සිදු නොකරන බවද ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Department of Immigration and Emigration moves to Battaramulla

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

කාර්යක්ෂම සහ කඩිනම් මහජන සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව එළඹෙන අගෝස්තු 29 වන දින සිට බත්තරමුල්ලේ පිහිටි “සුහුරුපාය” නව ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 දරණ ස්ථානයේ දැනට පිහිටි ප්‍රධාන කාර්යාලයේ හා මහනුවර, මාතර  සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාලයන්හි එළඹෙන අගෝස්තු 26 වන දින (සිකුරාදා) මහජන සේවා සැපයීම සිදු නොකරන බවද ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව අගෝස්තු 29 වන දින පමණක් බත්තරමුල්ලේ නව කාර්යාලයේදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව ක්‍රියාත්මක නොවන අතර පහත සේවාවන් පමණක් සීමාසහිතව ක්‍රියාත්මක වේ.

  • විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවාව
  • වීසා නිකුත් කිරීම්
  • විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය
  • පුරවැසි භාවයට අදාළ කටයුතු

කෙසේවෙතත් අගෝස්තු 26 සහ 29 යන දෙදින තුළ ගුවන් තොටුපල සහ වරාය මගී නිශ්කාශන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද  ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නව ලිපිනය

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව,

සුහුරුපාය (සෙත්සිරිපාය ගොඩනැගිල්ල අසළ ඉදිවූ නව ගොඩනැගිල්ල),

බත්තරමුල්ල.

වැඩි විස්තර www.immigration.gov.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now