SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වුවද මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි: සෞඛ්‍ය බලධාරීන්

A healthcare worker conducts coronavirus screening inside a Melbourne hospital.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෛනිකව අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වුවද කොරෝනා මරණ සංඛ්‍යාව ඉදිරි දින කිහිපයේදී ඉහළ යා හැකි බව සෞඛ්‍ය බලධාරීහු අපේක්ෂා කරති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 331 ක් සමග කොරෝනා මරණ 19 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ඊයේ (10/08) පෙරවරුව වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 322 ක් සමග කොරෝනා මරණ 19 ක් වාර්තා විය.

එම මරණ සංඛ්‍යාව මෙතෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සඳහන්.

මෙය ඉතාම ඛේදජනක දිනයක් බව ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Michael Kidd පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now