SKIP TO MAIN CONTENT

කොරෝනා වෛරසය මර්දනයට සුදුසු ඖෂධයක් ලෙසට මිලෙන් අඩු පැරණි ඖෂධයක් සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව හෙළි වේ (SBS සිංහල / වාර්තා)

dd
Source: ABC Australia

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

කොරෝනා වයිරසයට විවිධ ඖශධ අත්හදා බැලීම අතරේ මුලින්ම hydroxychloroquine හා ඉන්පසුව remdesivir යන ඖශධය යොදා ගැනින. නමුත් දැන් එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ පටක ඉදිමුම් ආදිය සදහා යොදා ගන්න dexamethasone මේ සදහා යොදා ගත හැකි බව. මෙම ඖශධය මිලෙන් අඩු පැරණි ඖශධයක් ලෙස හැදින්වේ.

මේ පිළිබද කරන ලද මුලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ ශ්වසන අපහසුතා ඇතුව, ශ්වසන ආධාරක සහිතව සිටින රෝගීන් මිය යාම මේ ඖශධය භාවිතයෙන් අඩු වී ඇති බව.

Dexamethasone යනු කුමක්ද ?

මෙය 1950 සිට යොදා ගැනුන , පෙති 30ක් මිලෙන් ඩොලර් 22ක් පමණ වන ඖශධයකි. මෙම ඖශධය corticosteroids නම් ගණයට අයත් වේ. මෙය ඔස්ට්‍රේලියාව තුල Australia's Pharmaceutical Benefits Scheme (PBS) තුලට අයත් වේ.

මෙම ඖෂධය අසාත්මිකතා, ඉදිමුම්, ඇදුම ආදී රෝග සදහා යොදා ගැනේ.

මේ නිසාම covid  19 ශ්වසන අපහසුතා සදහා මෙය යොදා ගැනීමට පෙලබී තිබේ 

මේ පිළිබද සිදු කෙරුණු පරීක්ෂනයෙදී,

  • කොරෝනා නිසා ශ්වසන ආධාරක අවශ්‍ය රෝගීන්
  • ඔක්සිජන් ආධාර පමණක් අවශ්‍ය රෝගීන් හා
  • කිසිදු ශ්වසන උපකාර අවශ්‍ය නොවන රෝගීන් ලෙස කණ්ඩායම් 3කට වෙන් කොට තිබේ.

එම රෝගීන් ට මෙම ඖශ්ධය දින 10ක් ලබා දී ඇති අතර , තවත් එක රෝගීන් කාණ්ඩයකට මෙම ඖශධය ලබා නොදී තිබේ. ඖෂධය ලබා දුන් රෝගීන්ගේ මරණ 3න් 1ක් අඩුවී තිබේ. පර්යේෂකයින් පවසන්නේ මෙම ඖෂධය ලබා දෙන ශ්වසන ආධාරක වල සිටින රෝගීන් 8 දෙනෙකුගෙන් එක අයෙකු මරණයට ගොදුරු වීම වලක්වා ගත හැකි බවයි.

මෙය ක්‍රියාකරන්නේ කෙසේද ?

covid 19 රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී සිරුරේ  නිපදවන සුදු රුධිරානු සෛල වැඩි වීම නිසා ඔවුන්ගේ පෙනහළු වල ඉදිමීම් ආදිය ඇති වේ. ඒ නිසා ඔවුන්ට ශ්වසන අපහසුව ඇති වේ. මෙම ඖශධය මගින් සිදුවන්නේ එම ඉදිමීම් අඩු කිරීමයි.

අතුරු ප්‍රතිපල

මෙම ඖශධය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් වන නිසා වෛද්‍යවරු වෙනත් ආසාධන ඇති රෝගීන්ට මෙය ලබා නොදේ. මෙම ඖශධය මගින් වෙනත් රෝග වලට එරෙහිව සිරූර ක්‍රියා කිරීම අඩ පණ කලද covid 19 සදහා මෙය යොදා ගැනීම ට මෙය බාධාවක් නොවේ.

නමුත් ශ්වසන අපහසුතා නොමැති රෝගීන්ට මෙයින් සහනයක් නොලැබෙන බව පැවසේ. එසේම අතුරු ආබාධ ලෙස දැඩි උදරයේ වේදනා , පෙනීමේ දුර්වලතා , මානසික වෙනස්කම් , නිදිමත ගතිය , වලිප්පුව ආදිය ඇති විය හැක. 

මේ සම්බන්ධව කර ඇති චිකිත්සක පරීක්ෂනය තවමත් මුල් අවධියේ පවතී. ඒ නිසා මේ පිළිබද තව දුරටත් පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේද මෙය covid 19 සදහා භාවිතයට ගත හැකි වන තත්වයක් බලාපොරොත්තු විය හැකියි

Source: ABC

 

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now