SKIP TO MAIN CONTENT

අමානුෂික සත්ව අපනයන ප්‍රවාහනය නිසා ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව විමර්ශනයකට රජය සැරසේ

lamb
Source: SBS

2 min read

Published

By Charitha Adikari



Skip to article content

ඕස්ට්‍රේලියාවේ සිට අපනයන කරන ජීවත් වන බැටළුවන් අමානුෂික ආකාරයෙන් පරිවහනය හෙළි වීමත් සමග ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම අමාත්යංශය විසින්ම එම අමාත්‍යංශයේ ක්‍රියා විමර්ශනය් කිරීමට කටයුතු යොදා තිබේ.

වසර 2017 දී මැද පෙරදිගට නැව්ගත කල බැටළුවන් අධික උණුසුම නිසා මිය යන දර්ශන හෙළි වීමත් සමග කෘෂිකර්ම අමාත්‍ය David Littleproud මෙම තීරණය ගෙන තිබේ.

gulf ප්‍රදේශයේ උණුසුම් කාලගුණය නිසා මෙසේ බැටළුවන් 1300 පමණ මිය ගිය බවත්, ඒ මල සිරුරු නෞකාවෙන් ඉවතට වීසි කොට ඇති බවත් වාර්තා වේ .

මේ පරිවහනය ප්‍රධාන ජීවත් වන බැටළු අපනයන සමාගමක් වන Emanuel Export මගින් සිදු කොට ඇති බවට පැවසේ .අමාත්‍ය Littleproud පවසන්නේ ඔහුට දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබද ලැබුණු වාර්තාව , එම දර්ශන වල තත්වයට වඩා හාත්පසින්ම වෙනස් වීම තුලින් දෙපාර්තමේන්තු ක්‍රියා කලාපය විමර්ශනය කල යුතු බවයි.

එසේම දෙපාර්තමේන්තුව පිළිබද රහසිගතව චෝදනා කිරීමට අවශ්‍ය නම් ඒ සදහා විශේෂ දුරකථන අංකයක් ද යොදවා තිබේ .

සත්‍ය තොරතුරු හෙළි කිරීමට කිසිවෙකු බිය නොවිය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ .එසේම සත්ව සුභසාදනය පිණිස RSPCA ආයතනය සමගද කටයුතු කිරීමට ද ඔහු බලාපොරොත්තු වේ. එසේම බටහිර ඕස්ට්‍රේලියාවේ Fremantle වරායෙන් නික්ම යාමට තිබු බැටළුවන් රැගත් නෞකාවක්ද ස්වාදීන පරීක්ෂකයෙකුගේ තත්ත්ව පරීක්ෂාවකින් තොරව නැව්ගත කිරීමද අමාත්‍යවරයා විසින් නවතා තිබේ .

මේ අතර සත්ව අයිතීන් පිළිබද සංවිධාන පන ඇති සතුන් අපනයනය නවතා දමන ලෙස ඉල්ලා සිටියත් අමාත්‍යවරයා කියා ඇත්තේ එමගින් නීත්‍යානුකුල ලෙස කටයුතු කරන අපනයනකරුවන්ට අසාධාරනයක් වන බවයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now