Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අහස් ගව්වෙන් පැමිණි හෙළ සිනමාවේ පතිරාජ සළකුණ අද අවසන් ගමන් යයි.

Dharmasena Pathiraja passes away

Source: YouTube

ශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අද (28/01) මහනුවර පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේය.

මිය යන විට 74 වැනි වියේ පසුවූ පතිරාජ මහතා කලක සිටම රෝගාතුර වී රෝහල් ගත කර තිබු අතර ඔහුගේ අවසාන කැමැත්ත මත මිය ගිය දිනයේම අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කෙරිණි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ධර්මසේන පතිරාජයන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලාව පිළිබඳ මූලික උපාධිය හදාරා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය.

1970 දී සතුරෝ නම් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා 1974 වර්ෂයේ දී අහස් ගව්ව නිර්මාණය කරමින් ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ පතිරාජ සලකුණ තැබීය.

එයා දැන් ලොකු ළමයෙක් (1977), පොන්මනී දෙමළ චිත්‍රපටය (1977), බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) සොල්දාදු උන්නැහේ (1981) , වාසුලි ( 1994, මෙතෙක් තිරගත වී නොමැත) මතුයම් දවස (2001) සක්කාරං (2016) ඔහුගේ විශිෂ්ට සිනමා නිර්මාණයන් ලෙස හැඳින්වේ.

පතිරාජයන් අධ්‍යක්ෂණය කළ ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර, සුභ අනාගතයක්, කඩුල්ල, වන්නි හාමිනේ වැනි ටෙලි නාට්‍ය ද ලාංකේය රූපවාහිනියේ අමරණීය මතකයන් තැබීමට සමත් වී තිබේ.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now