SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් අඩකින් අඩු කිරීමට ඩොලර් මිලියනයක රූපවාහිනී දැන්වීම්.

Dick Smith to launch $1 million ad campaign to slash immigration
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවට ඇතුළු කරගන්නා සංක්‍රමණිකයින් සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීමට දේශපාලකයින් හට ඒත්තු ගන්වන නව රූපවාහිනී  ප්‍රචාරණ ව්‍යාපෘතියක් ඇරඹීමට ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන Dick Smith සූදනම් වේ.

ඩොලර් මිලියනයක පිරිවැයක් දරන මෙම ව්‍යාපෘතියට අදාළ රූපවාහිනී දැන්වීම් හෙට (15/08) සිට විකාශය කිරීමට අදහස් කරන බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ජනගහන වර්ධනය අසීමාන්තිකව වර්ධනය වීම නැවත්වීම උදෙසා මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කරන බව ඔහු පවසා තිබේ.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය අසීමාන්තිකව වර්ධනය වීම නැවත්වීමට සහය පළ කරන පක්ෂ වෙත එළඹෙන මැතිවරණයේදී ඩොලර් මිලියන 2ක ආධාර ලබා දීමට ද තමන් සූදානම් බව ව්‍යාපාරික Dick Smith පවසා ඇත.

මීට අමතරව ඉහළ ආදායම් ලබන්නන්ගේ ආදායම් බදු සීමාව තවත් ඉහළ නැංවීමට ද මෙම ව්‍යාපෘතිය සහය පළ කරන බව ඔහු පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now