SKIP TO MAIN CONTENT

ඩිල්ෂාන් පෙබරවාරියේ අයිස් ක්‍රිකට් ගහන්න සැරසෙයි. (වීඩියෝ)

Tillakaratne Dilshan Cricket on ice
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ස්විට්සර්ලන්තය  විසින් වාර්ෂිකව පවත්වනු ලබන "Ice Cricket Trophy Tournament" හෙවත් "අයිස් ක්‍රිකට් ශූරතාවලිය" 29 වන වරට ත් එළඹෙන පෙබරවාරි මස 8 වන දින සිට 10 දක්වා පැවැත්වීමට නියමිතය.

Cricket on Ice
Source: Cricket on Ice

මෙවර මෙම අයිස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් කැමැත්ත පළ කර තිබෙන බව වාර්තා වේ.

මීට පෙර පැවති අයිස් ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා පිළේ ලසිත් මාලිංග හා මහේල ජයවර්ධන සහභාගී වී තිබේ.

මේ තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් අයිස් පරිසරයකට උචිත ආකාරයේ ඇඳුම් සහ සපත්තු පැළඳ ක්‍රීඩා  කරන අතර මෙය ස්විට්සර්ලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන ක්‍රීඩා ඉසව් අතරින් අතිශය ජනප්‍රියතම ක්‍රීඩා ඉසව්වක් ලෙසද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now