SKIP TO MAIN CONTENT

විශ්ව ගේ කඩුලු 5 ත් සමග දකුණු අප්‍රිකානුවෝ ලකුණු 300 කට සීමා වන විට දිමුත් නායකත්වයේ ඉනිමකට අවතීර්ණ වෙයි

Sri Lanka tour of South Africa 2021
Dimuth Karunaratne - Sri Lanka Captain Source: Facebook/ Sri Lanka Cricket

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා පිළ සහ දකුණු අප්‍රිකානු පිළ අතර Johannesburg නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමවන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 150 ක් රැස් කරගෙන සිටියි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ලකුණු 157 කට ඔවුහු සියල්ලෝම දැවී ගියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වූයේ ලකුණු 67 ක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා ය.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක Anrich Nortje ලකුණු 56 කට කඩුලු 6 ක් බිඳ හෙළීය.

දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 302 ක් ලබා ගත්තේය.

එහිදී Dean Elgar දකුණු අප්‍රිකාව වෙනුවෙන් අගනා ලකුණු 127 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ලකුණු 101 කට කඩුලු 5 ක් බිඳ හෙළීය.

සිය ටෙස්ට් දිවියේ විශ්ව ලබාගත් පළමු කඩුලු 5 ලෙස එය වාර්තා වේ.

ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිළ ඊයේ තරගය නවත්වන විට කඩුලු 4ක් දැවී ලකුණු 150 ක් රැස් කරගෙන සිටියේය.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91 ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 18 ක්ද ලබා ගෙන සිටියි.

අද (05/01) තරගයේ තෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now