SKIP TO MAIN CONTENT

අලුත් පාර්ලිමේන්තුවේ සභානායක - දිනේෂ්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක - ජොන්ස්ටන්

Dinesh appointed Leader of the House, Johnston Chief Government Whip
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා නව රජයේ මංගල කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19/08) රැස්වීමට නියමිතය.

මෙම මංගල කැබිනට් රැස්වීම සඳහා කැබිනට් අමාත්‍යවරු 28 දෙනාම සහභාගීවීමට නියමිත බවද සඳහන්.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය අගෝස්තු 20 වන දින පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කර තිබේ.

නව පාර්ලිමේන්තුවක පළමු සැසි වාරයට පෙර පළමු කැබිනට් රැස්වීම පැවැත්වීම මෙහිදී සුවිශේෂී සිදුවීමකි.

මේ අතර ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන, සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්කිරීමට ද යෝජනා වී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now