SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා වසා දැමුණු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ pubs සහ සහ සමාජ ශාලා හෙට යළි විවෘත කෙරේ

Pubs and clubs in NSW will be allowed to open their restaurants from Friday
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා තත්වය හේතුවෙන් වසා දමා ඇති pubs සහ සහ සමාජ ශාලා හෙට (15/05) සිට නැවත විවෘත කෙරේ.

කෙසේ වෙතත් සුදූ ක්‍රීඩා ආයතන සහ සුරා සැල් තවදුරටත් වසා තැබේ.

සමාජ දුරස්ථභාවය සහ ගනුදෙනුකරුවන් 10 දෙනෙකුගේ ආසන සීමාව අනුව යමින් කැෆේ හා අවන්හල් ද ඒ සමඟ එක්වීමට නියමිත බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet තහවුරු කොට සිටී .එසේම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආහාර සමඟ මත්පැන් ඇණවුම් කිරීමට අවසර දෙනු ලැබේ.

මේ වන විට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් නව COVID 19 රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති අතර සමස්ත අසාදිත සංඛ්‍යාව 3059 කි. සෑම විටම රෝගය සම්බන්ද වන පුර්ව ආරක්ෂණ කටයුතු අනුගමනය කරන ලෙසට ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian අවධාරණය කොට සිටී.

මේ අතර තස්මේනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල වලට කොරෝනා වැලදීම හේතුවෙන් වසා දමා තිබු සියළුම රෝහල් අද සම්පූර්ණයෙන්ම විවෘත වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now