ආබාධිත රණ විරුවන්ගේ ඉල්ලීම් ලබන පෙබරවාරි සිට ක්‍රියාත්මකයි.

Disabled Soldiers

Source: AP

වසර 12, නියමිත විශ්‍රාම සේවා කාලයට පෙර හමුදා සේවයෙන් කැමැත්තෙන් ඉවත්ව පසුගිය දින උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ඉල්ලීම පිළිබඳ අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය නිවේදනය කරයි.

ඒ සඳහා අවශ්‍ය සියලුම පාලන කටයුතු සිදුකරමින් පවතින අතර එම ඉල්ලීම් 2017 වසරේ පෙබරවාරි මස වනවිට ලබාදීමට කටයුතු කරන බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ,ඒ.ඩබ්ලිව්.එම්.පී.ආර් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේවන විටත් මෙම ආබාධිත රණවිරුවන්හට ඔවුන්ගේ සමකාලීනයන්ට මෙන්ම වැටුප් හා දීමනාවන් ලබාදෙනු ලබන අතර ඊට අමතරව දුබලතා වැටුපක්ද ගෙවනු ලබන බව සඳහන්.

මෙතෙක් මෙම දුබලතා වැටුප අවුරුදු 55 දක්වා පමණක් ලබාදෙනු ලැබුවද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ අනුමැතිය මත එම දුබලතා වැටුප මුළු ජීවිතය පුරාවටම බලපාන පරිදි ලබාදීමට කටයුතු සිදුකර ඇති බව යුද හමුදා මූලස්ථානය පෙන්වාදෙයි.

එමෙන්ම අබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දූ දරුවන් හට අවශ්‍ය බාහිර හා නේවාසික වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් හමුදා රෝහල් වෙතින් අඛණ්ඩව ලබාදෙනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටක් දැක්වෙයි.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now