SKIP TO MAIN CONTENT

කොල පාට බෙදාගන්න බැරුව එජාපය සහ සමගි බලවේගය අතර මතභේද

Ranil Wickramasinghe_ Sajith Premadasa_UNP_Samagi Balawegaya
Ranil Wickramasinghe_ Sajith Premadasa_UNP_Samagi Balawegaya

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාවේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමේදී සමගි ජනබලවේගය විසින් කොළ වර්ණය භාවිත කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිසමට ඊයේ දිනයේදී ලිපියක් යොමු කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ පැහැය කොළ වර්ණය වන අතර සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ පැහැය නිල් වර්ණය බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

එහෙත්, එළඹෙන මැතිවරණයට අදාළව ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීමේදී සමගි ජනබලවේගය විසින් කොළ වර්ණය භාවිත කිරීම චේතනාන්විතවම තම පක්ෂය නොමග යැවීමක් බව ද එමගින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා බරපතල අගතියක් සිදුවන බවද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා, මැතිවරණ කොමිසමට යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ඊයේ දිනයේදී (8 July) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. සමගි බලවේගයට යාම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ 99 දෙනාගෙන් මෙතෙක් නිදහසට කරුණු නොදැක්වූ සහ කල් ඉල්ලා නොසිටි මන්තී‍්‍රවරුන්ගේ විනය පරීක්ෂණ කඩිනම් කර ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීමට එහිදී තීරණය කොට තිබෙන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now