ශ්‍රී.ල.නි.ප මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් "පොහොට්ටුවට" බැන වදී.(වීඩියෝ සහිතයි)

Thilina Thennakon -

minister for the central provincial council of Sri Lanka Source: SBS Sinhala

රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුවට සහභාගී නොවී වෙනම උත්සව පවත්වන පිරිස් සදහා විනය පරීක්ෂණ පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා, කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් කොළඹ දී පැවැත්වූ බවත් එම පක්ෂයේ උරුමය, සංකේතය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, පිරිස් බලය ආදිය අප සතුවන බව කී ඒ මහතා ඇතැම් පිරිසක් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරන බව ඊයේ ( සැප්.04) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සැමරුම සදහා සහභාගී වන ලෙස සියලු පක්ෂ සදහා ආරාධනා කළ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිසක් සමුලුවට සහභාගී නොවී වෙනත් ගමනක නිරත වන බව කී ඒ මහතා මේ වන විට පක්ෂය ආරක්ෂා කරන පිරිස් හා පක්ෂය විනාශ කරන පිරිස් කවුරුන් දැයි අවබෝධ වන බව කීවේය. පක්ෂයට හානි කරන එවැනි පිරිසක් සමග කටයුතු කිරීම නිසා විශාල ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවත් එබැවින් එවැනි පුද්ගලයන්ගෙන් තොර සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය තුළ රැක ගත යුතු යැයි ඒ මහතා කීවේය.

සමුලුවට සහභාගී නොවු සියලු දෙනාට විනය පරීක්ෂණ පවත්වා ඔවුන්ට දඩුවම් කොට පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා කිවේය. වර්ෂ 2020දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බලයට ගෙන ඒම සදහා කටයුතු කරන මෙම අවධියේ එය ඉලක්කය බිද දැමීමට උත්සහ කරන පොහොට්ටු පක්ෂයේ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉවත් කළ යුතු යැයි  අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරුන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම සදහා දැඩි කැපවීමක් කළ පොදු මහජනයා පක්ෂයේ සංවත්සරය පිළිබදව විමසමින් කොළඹ කරා යන විට පක්ෂයේ නායකයන් ලෙස කටයුතු කළ පිරිස් නිසි ආරාධනා නොලැබුණු බව ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි යැයි කීවේය.

බහුතර පිරිසක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අත්වැල් බැද ගනිමින් සිටියදී ඉතා සුලු පිරිසක් පමණක් පොදු විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු කරමින් සිටින බව කිවේය. එමෙන්ම බහුතර මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා සමග රැදි සිටියදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි ඉතා සුලු පිරිසක් පක්ෂය විනාශ කිරීම සදහා වෙනත් සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු කීවේය. වරක් පක්ෂය විනාශ කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැනි අය සමග යළි එක් නොවිය යුතු යැයි බන්දුල සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට


3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Kandy - Sri Lanka



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now