ඕස්ට්‍රේලියාවේ කොරෝනා නිසා වසාදැමුනු ප්‍රාන්ත සීමා විවෘත කිරීමේදී ප්‍රාන්ත අතර නෝක්කාඩු

Australian residents returning from India

Australian residents returning from India Source: AAP Image/David Mariuz

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය ඇතැම් ප්‍රාන්ත වාසීන්ට පමණක් තම ප්‍රාන්තය තුලට ප්‍රවිෂ්ඨ වීම සඳහා ප්‍රාන්ත දේශ සීමා විවෘත කොට තිබේ. ඒ අනුව බටහිර ඕස්ට්‍රේලියා සහ තස්මේනියා ප්‍රාන්ත වාසීන්ට සහ නොදර්න් ටෙරටරි වැසියන්ට , දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත දේශ සීමා විවෘත කොට තිබේ. නමුත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය සඳහා තම ප්‍රාන්ත සීමා විවෘත නොකරන බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පවසා ඇත.

මේ පිළිබඳව තම නොසතුට පලකරන බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian පවසා සිටී. රටක් තුල මෙවැනි ක්‍රියා සිදුකිරීම නිරර්ථක ක්‍රියාවක් බවද ඇය පවසා සිටී.

"....අපි එක ජාතියක්. ඔව්, අපි ප්‍රාන්ත ගණනාවකින් සමන්විත වනවා. කොරෝනා තත්වය නිසා සෑම ප්‍රාන්ත රජයක්ම සෑම ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයෙක්ම තම රාජ්‍යය වෙනස් ආකාරයකින් මෙහෙයවනවා. නමුත් ප්‍රාන්ත අතර අභ්‍යන්තර මායිම් සාදාගැනීමට එය හේතුවක් නොවන බවද තිබීමට එය හේතුවක් නොවේ...." යනුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian පවසා සිටියාය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා දිගින් දිගටම වසා තැබීම පිළිබඳවද ඇය මීට පෙර ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිවරිය වන ඇනස්ටේශියා පලාශේ ගේ තීරණ වලට විරෝධතාව දක්වමින් අදහස් ප්‍රකාශ කොට තිබිණ.


 කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්තය සඳහාද තම ප්‍රාන්ත දේශ සීමා විවෘත නොකරන බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පවසා තිබේ.


මේ පිළිබඳව මතභේදාත්මක අදහස් පළකිරීමක් සිදුකල වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසා ඇත්තේ වික්ටෝරියානු වැසියන් ඒ පිළිබඳව තැකීමක් නොකරන බවයි. එසේම වික්ටෝරියානුවන්ට, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට යාමට තරම් අමාරුවක් ඇති බවට තමා විශ්වාස නොකරන බවද ඔහු පවසා තිබේ.

මේ වන විට වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් යන ප්‍රාන්ත දෙක සහ ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරිය පමණක් තම ප්‍රාන්ත වලට ඇතුළුවීමේ දේශ සීමා බේදයකින් තොරව විවෘත කොට තිබේ.

**************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38

සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

**************************************************************************

 


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now