SKIP TO MAIN CONTENT

සිඩ්නි නුවර දුම්රිය වර්ජනයක්

වැටුප් පිළිබද ගැටළුවක් හේතුවෙන් සිඩ්නි නුවර දුම්රිය සේවකයින් වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව සදහන්.

Caos en los trenes (Archivo)
Source: AAP

1 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

වැටුප් පිළිබද ගැටළුවක් හේතුවෙන් සිඩ්නි නුවර දුම්රිය සේවකයින්  වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව සදහන්. මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේ සිට සිඩ්නි නුවර ආශ්‍රිත දුම්රිය ගමනාගමනය සීමා  වන අතර අද සහ හෙට සෙනසුරාදා කාලසටහන අනුව දුම්රිය ගමන් වාර  ක්‍රියාත්මක වන බව SBS ප්‍රවෘත්ති අංශය වාර්තා කර තිබේ. ඊයේ සවස් වරුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන වෘත්තීය සමිති කීපයක් එක්ව ගත්  තිරණයක ප්‍රථිපලයක් ලෙස මෙම වර්ජනය ක්‍රියත්මක වන බව සදහන්. එළබෙන 29 වැනි සදුදා මෙම වර්ජනය පැය  24ක  වර්ජනයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි . දුම්රිය ගමන් සේවා 1000ක් පමණ මෙම වර්ජනය හේතුවෙන් අවලංගු වනු ඇති බවත්, මේ හේතුවෙන් සිඩ්නි නුවර මාර්ග තද බදය උග්‍ර අතට හැරෙනු ඇති බවටත් මේ වන විටත් ජනතාවට අනතුරු අගවා තිබේ. ජනතාව මෙම වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වීම වලක්වාලීමට ප්‍රාන්ත රජය මගින් අමතර බස් සේවා සහ වාහන නැවැත්වීමේ පහසුකම් සැලසීමට කටයුතු කර ඇති බවද මාධ්‍ය වාර්තා සදහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now